නර්ථන ශිල්පියෙකුගේ නිවසට එල්ල වූ භයානක ප්‍රහාරය.. වීඩියෝ සහිතයි.. (VIDEO)

By Sithumi Nov 20, 2022 05:58 PM GMT
Report

මිල්ලනිය කිම්මන්තුඩාව නර්තන ශිල්පියෙකුගේ නිවසට ඊයේ 19 රාත්‍රියේ යකඩ පොලු අතැතිව පැමිණි හමුදා සෙබළකු සහ ඔහුගේ සහෝදරයා එල්ල කළ ප්‍රහාරයෙන් රුපියල් ලක්ෂ ගණනාවක දේපළවලට අලාභ සිදු වී ඇතැයි මිල්ලනිය පොලිසිය පවසනවා. 

 එම පුද්ගලයන් දෙදෙනා මරණීය තර්ජනය කරමින් නර්තන ශිල්පියාට පහරදීමට සොයන අවස්ථාවේදී ඔහු නිවසින් පලාගොස් සැඟව තිබෙනවා. 

 ඉඩම් ආරවුලක් මුල් කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර නර්තන ශිල්පියා පදිංචි ඉඩමේ මුල් අයිතිකරු ගේ ඇවෑමෙන් පැවරීමට කටයුතු කරන බවට බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලිපිය ලැබී දින කීපයකට පසු මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. 

 හමුදා සෙබළා සහ ඔහුගේ සහෝදරයා එල්ල කළ ප්‍රහාරයෙන් නිවසේ වීදුරු ජනෙල් වලට , නිවස ඉදිරිපිට තාප්පෙ සවිකර තිබෙන විදුලි බල්බ වලට, ආරක්ෂිත කැමරා වලට මෙන්ම, ඉදිරිපස ගේට්ටුවට ද බරපතළ අලාභ සිදු ව තිබෙනවා තවද නර්තන ශිල්පියා එම අවස්ථාවේදී දිව ගොස් සැඟවී පණ බේරාගෙ ඇති අතරමැර පිරිස එල්ල කළ ප්‍රහාරය ආරක්ෂිත කැමරා වේ සටහන්ව ඇති අයුරු පහතින් නරඹන්න. මිල්ලනිය පොලිසිය මේ පිළිබද පරීක්ෂණ පවත්වමින් සිටියි.