ශ්‍රී ලංකාවේ වායුගෝල දූෂණය වැඩිවෙයි. ප්‍රදේශ කිහිපයකට අනතුරු අඟවයි.

Sri Lanka
By Wayomi Nov 30, 2022 07:54 AM GMT
Report

ශ්‍රී ලංකාවේ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය පරිසර අධිකාරිය විසින් නම් කර තිබෙන ධූලි අංශු ප්‍රමිති අගය ඉක්මවා ගොස් තිබෙනවා.

ජාතික ගොඩනැගිලි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සංවිධානයේ පරිසර අධ්‍යයන අංශය අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පවසන්නේ, පැය හතරක කාලයක් තුළදී වායු කියුබික් මීටර් එක තිබිය හැකි දූවිලි අංශු මයික්‍රෝ ප්‍රමාණය 50 ක් පමණ වන බවයි.

කෙසේ නමුත් මේ දින වල 75ක් දක්වා අහිතකර ලෙස ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉන්දියාවේ අහිතකර වායු දූෂණය ඉහළ යෑම නිසා එය මෙරට බලපාන අතර එය දූවිලි අංශු ප්‍රමිතීන් ද ඉක්මවා යනවා.

ජේෂ්ඨ විද්‍යා විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ, මෙම හේතුන් නිසා මේ දිනවලම යාපනය,පුත්තලම, මහනුවර සහ කොළඹ යන නගර වල දූවිලි අංශු ප්‍රමාණය විශාල ලෙස වැඩිවී ඇති බවත්, එම තත්වය ලබන වසරේ 2020 මාර්තු මාසය වන තෙක් විටින් විට පැවතිය හැකි බවත්ය.

එමෙන්ම එම තත්ත්වයෙන් ආරක්ෂා වීමට මුඛ ආවරණය භාවිතා කරන ලෙසත් අව් රශ්මිය පවතින අවස්ථාවන්හිදී එළිමහනේ සිදු කරන වෙහෙසකාරී වැඩ අවම කරන ලෙසත් සරත් ප්‍රේමසිරි මහතා අවධාරණය කරනවා.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW