බිහිසුණු වෙඩි තැබීමෙන් පසු ඒකරාශි වීම තහනම් කෙරේ..!

Shooting India
By Sewvandhi Apr 16, 2023 11:30 AM GMT
Report

 ඉන්දීයාවේ උත්තර් ප්‍රාන්තයේ සිදුවූ බිහිසුණු වෙඩි තැබීමෙන් පසු ජනයා ඒකරාශිවීම් තහනම් කිරීමට එම ප්‍රාන්තයේ බලධාරීන් කටයුතු කර ඇත.

විදේස් මාධ්‍ය වාර්තා කළේ, වෙඩි තැබීමෙන් ඉන්දීයේ හිටපු දේශපාලනඥයෙකු සහ ඔහුගේ සොහොයුරා මිය යාමත් සමග එයට විරෝධය පළ කිරීම සඳහා ඔවුන්ගේ හිතවාදීන් ඒකරාශීවීමෙන් ඇතිවන ප්‍රචණ්ඩක්‍රියා වැළැක්වීම සඳහා උත්තර් ප්‍රාන්තයේ ජනතා ඒකරාශීවීම් තහනම් කර ඇති බවයි.

මෙසේ ඝාතනයට ලක්වුණේ උත්තර් ප්‍රාන්ත හිටපු දේශපාලනඥයෙකු වන අතීක් අහ්මඩ් සහ ඔහුගේ සොහොයුරු අශ්රෆ් අහ්මඩ් යන දෙදෙනාය. මෙම සිදුවීම රූපවාහිනී සජීවී විකාශයක් අතරතුර සිදුවුනා.

මියගිය දෙදෙනාට අපරාධ සිදුවීම් 100කට වැඩි සංඛාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රහාරයට නිශ්චිත හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වනවා. මීට දෙදිනකට පෙර අතීක්ගේ පුතු අසාද් ද උත්තර් ප්‍රදේශ් හිදී සිදුවූ වෙඩි තැබීමකදී මියගොස් තිබුණි.  


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now