අස්වැසුමත් එකවරම නතර වෙයි.. 450,000කට අධික ප්‍රමාණයකට සිදුවූ දේ..
අස්වැසුම දෙවැනි අදියරට අදාළ තොරතුරු සංගණන කටයුතු අතරමග නතර කර ඇතැයි අනාවරණය වනවා.
අස්වැසුම දෙවැනි අදියර සදහා ලැබුණු ඉල්ලුම්පත් 450,000කට අධික ප්‍රමාණයට අදාළ තොරතුරු සංගණන කටයුතු අද (31 වැනිදා) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබූ බවයි පැවසෙන්නේ.
මෙම සංගණනයෙන් අනතුරුව අස්වැසුම දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් තෝරා ගැනීමට නියමිත තිබිණ.
කෙසේ නමුත් දැනට දින දෙකක පමණ සිට මෙම සංගණන කටයුතු නතර කර ඇතැයි අනාවරණය වනවා.
මෙම සංගණන කටයුතු දිගටම සිදු කිරීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසීමක් සිදුකර තිබෙන බවයි, සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා කියා සිටියේ.
මෙම සංගණනය දේශපාලඥයන් මැදිහත් නොවී නිලධාරීන් විසින් කරන කටයුත්තක් නිසා එය මැතිවරණ සමයේදී ද කරගෙන යාමට අනුමැතිය ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දුන් බවයි සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ඊට අදාළ ලිපිය පෙරේදා (29) දිනයේදී මැතිවරණ කොමිෂන් සභාවට යොමුකළ බවද සභාපතිවරයා ප්‍රකාශ කළ අතර, එම කොමිසම ලබාදෙන අදහස අනුව ඉදිරි කටයුතු සිදු කරන බවයි හෙතෙම වැඩිදුරටත් කියා සිටින්නේ.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%