අසුපිණි ඇල්ල ව්‍යාපෘතියේ ජල නළ ගිනි ගැනීමට හේතුව හෙළි වෙයි

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi May 28, 2023 05:04 PM GMT
Report

තිබූ අසුපිණි ඇල්ල ජල යෝජනා ව්‍යාපෘතිය වෙනුවෙන් උස්සාපිටිය මහජන ක්‍රීඩාංගනයේ ගබඩාංගනයේ අසුරා ජල නළ ගිනි ගැනීමට හේතුව අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් විසින් දුම්පානය කිරිම සඳහා යොදාගත් ගිණිකුරක් නොසැලකිලිමත් අයුරින් ඉවතට විසිකිරිම හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවටයි මේ වන විට කරුණු අනාවරණය වී තිබෙන්නේ.

පොලිසිය පැවසුවේ ගින්නෙන් මිලියන විස්සක පමණ ජන නළ හානිවි ඇති බවයි අත්අඩංගුවට ගත් සිසුන් උස්සාපිටිය ප්‍රදේශයේ පාසැලක ඉගෙනුම ලබන අතර ඔවුන් අතරින් පස්දෙනෙකුම මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනි සිටිමට නියමිත බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now