ලබන සතියේ අහසේ වෙන විශේෂ වැඩේ.. ඔබේ ප්‍රදේශයටත් පේන වෙලාව මෙන්න..

Sky News Astrology World
By Sithumini Jul 21, 2024 09:19 AM GMT
Report


ලබන සතියේ නිරීක්ෂණය වන දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් පිළිබවදව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

ඒ සෙනසුරු, චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධියයි. එක් ආකාශ වස්තුවක් තවත් ආකාශ වස්තුවක් ඉදිරියෙන් ගමන් කිරීම නිසා එහි දර්ශනය අවහිර වීමෙන් මෙවන් සංසිද්ධියක් සිදුවන බවයි වාර්තා වන්නේ.

එය ජූලි 24 වනදා ශ්‍රී ලාංකිකයන්ට දර්ශනය වන අඝර මෙය ජූලි 24 මධ්‍යම රාත්‍රියෙන් පසුව ජූලි 25 වනදා පෙරවරු 00.40ට පමණ සඳ දෙස බැලීමෙන් එම සංසිද්ධිය පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි බව එම මධ්‍යස්ථානය සඳහන් කරනවා.

දුරේක්ෂයක් හෝ දුරදක්නයක් ආධාරයෙන් වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමට හැකිවනවා.

චන්ද්‍රයා, සෙනසුරු ග්‍රහලෝකය ඉදිරියෙන් ගමන් කරන විට එය පෘථිවියට නොපෙනී ගොස්, ආසන්න වශයෙන් පැය එකයි මිනිත්තු විස්සක් පමණ චන්ද්‍රයාගෙන් වැසී පවතිනවා.

ශ්‍රී ලංකාවේත් විවිධ ප්‍රදේශවලට එම සිදුවීම දර්ශනය වන වේලාවන් සුළු වශයෙන් වෙනස් වන පහත වේලාවන් අනුව ඔබටත් එය නිරීක්ෂණය කළ හැකියි. 

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%