වසර 50 කට පසුව සඳ තරණයට යන ගගනගාමීන් නම් කරයි.(VIDEO)

NASA
By Wayomi Apr 04, 2023 05:08 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

වසර 50 කට පසුව නාසා ආයතනය සිදු කිරීමට නියමිත සඳ තරණ මෙහෙයුම සඳහා ගගනගාමීන් නම් කර තිබෙනවා.

ඒ, අනුව ගගනගාමීන් 4 දෙනෙකුගෙන් යුතු මෙම කණ්ඩායමට කාන්තාවක් සහ අමෙරිකානු කළු ජාතිකයෙකු ඇතුළත් වීම විශේෂත්වයකි.

සඳ තරණ මෙහෙයුමක් සඳහා සම්බන්ධ වන ප්‍රථම කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක්වනු ඇති.

නාසා ආයතනයේ 'ආටෙමිස් ටූ' මෙහෙයුම හරහා මෙම කණ්ඩායම 2024 වසරේ අග භාගයේදී සඳ කරා ගමන් කිරීමට නියමිතයි.

1972 වර්ෂයේ ඇපලෝ 17 මෙහෙයුමෙන් අනතුරුව නාසා ආයතනය ගගනගාමීන් කණ්ඩායමක් නැවත සඳ වෙත යවා නැත.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW