ගගනගාමීන් තිදෙනෙක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අතරමං වෙයි. (VIDEO)
පෘථිවියට පැමිණීමට නොහැකිව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ගගනගාමීන් තිදෙනෙකු රැගෙන ඒම සඳහා යවන ලද යානය කුඩා උල්කාපාතයක ගැටීමෙන් දෝෂයකට ලක් වී තිබෙනවා.
එම නිසා ඔවුන් තිදෙනා පෘථිවියට රැගෙන ඒමට වෙනත් යානයක් යැවීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එලෙස කොටු වී ඇත්තේ, රුසියානු ගගනගාමීන් වන සර්ජි ප්‍රොකොපියෙව් සහ දිමිත්‍රි පෙටලින් සහ එක්සත් ජනපද ගගනගාමී ෆ්‍රැන්සිස්කෝ රුබියෝ.
ඔවුන් මාර්තු මාසයේදී ඔවුන්ගේ මෙහෙයුම අවසන් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් ඔවුන්ගේ Soyuz MS-22 කැප්සියුලයේ සිසිලන පද්ධතිය මාස දෙකකට පෙර කාන්දු වීමට පටන් ගැනීමෙන් පසුව ඔවුන් අභ්‍යවකාශයේ සිරවී ඇති අතර රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය රොස්කොස්මොස් මේ සතියේ පැවසුවේ මෙම තිදෙනා සැප්තැම්බර් මාසයේදී Soyuz MS-23 යානයෙන් පෘථිවියට පැමිණෙනු ඇති බවයි.
මෙලෙස හානියට පත් MS-22 අභ්‍යවකාශ යානය මාර්තු මාසයේදී කාර්ය මණ්ඩලයකින් තොරව ගොඩබෑමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.. |