"ලග්න 08කට වැල්ලෙත් බඹර කැරකෙන කොට ඉතුරු ලග්න වල තත්ත්වය මේකයි.." - ඔයාගේ ලග්නයටත් අද කොහොමද කියල බලලම දවස පටන් ගන්න දැන්ම මෙතනින් පිවිසෙන්න.

Astrology Lagna Palapala Jothishya Lagna
By krishani Nov 22, 2023 12:10 AM GMT
Report

මේෂ ?

අද ඔබට ඉතාමත් ශුභය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ. එහෙත් ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය.

 වෘෂභ ?

අද ඔබට යහපත් ප්‍රථිඵල ලැබෙයි. දියුණුවක් දැකිය හැකිය. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ඔබට වස්තුව සහ සැප සම්පත් ලබා දේ. අද ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක්ද වේ. ඇසුරු කරන්නන්ගේ සිත් දිනා ගනිමින් සමාජශීලී වේ.

මිථුන ?

අද ඔබේ දියුණුවේ දොරගුලු විවර වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ.නිරෝගී භාවය ඇති වේ.

කටක ?

අද ඔබට එතරම් යහපත් නොවේ. හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරුය. ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමටද ඉඩ තිබේ. ඇසුරු කරන්නන්ගේ සිත් දිනා ගනි.එමෙන්ම සමාජශීලී වේ.

සිංහ?

විවාහ අපේක්ෂකයන්ට අද ඉතාම ශුභයි. නමුත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. අද දිනයේ ඔබගේ සිතුවිලි චංචල විම ඊට හේතුවයි.ගුණ යහපත්කමින් යුතු අනුකම්පා සහගත සිත් පහළ වේ.

කන්‍යා ?

අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. කෑමට ප්‍රිය වේ. පැණි රස, තෙල් බැදුම් ආශ්‍රිත ආහාර රුචි විය හැකියි. අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇති බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසුය. ඇසුරු කරන්නන්ගේ සිත් දිනා ගනී.

තුලා ?

ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය. අලුත් දේ සොයා ගැනීමට තරම් උනන්දු වෙයි. ඥාණවන්ත බව සහ ගවේශනශීලී බව දියුණු වේ. ඇසුරු කරන්නන්ගේ සිත් දිනා ගනී. සමාජශීලී වේ.

වෘශ්චික ?

ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙයි.ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගනී.එයින් සතුටට පත් වේ. ගමන් බිමන් යන්නේනම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ.අනුකම්පා සහගත සිත් පහළ වේ. ඇසුරු කරන්නන්ගේ සිත් දිනා ගනී. සමාජශීලී වේ.

ධනු ?

ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වයි. කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත. බොහෝ ඇවිදිලි වේ. පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වේ.අනුකම්පා සහගත සිත් පහළ වේ.

මකර ?

අද ඔබට ඉතාම ශුභයි. කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ.ගුණ යහපත්කමින් යුතු අනුකම්පා සහගත සිත් පහළ වේ.ඥාණවන්ත බව සහ ගවේශනශීලී බව දියුණු වේ. ඇසුරු කරන්නන්ගේ සිත් දිනා ගනි.

කුම්භ ?

අන් අයගේ සිත් දිනා ගනියි.උසස් මිතුරු ඇසුරක් ලැබෙයි.ඔවුන්ගේ උදව් උපකාරද ලැබෙයි. උසස් සිතුවිලි ඇති වේ.සැප සම්පත් ලැබීමට වාසනාව ති‍බේ. ප්‍රවේශම් සහගතව වැඩ කරයි. ඉවසිලිවන්තයි.යමක් සිදුවීමට පෙර දුර සිතා බලයි. ගුණ යහපත්කමින් යුතු වේ.එමෙන්ම් අනුකම්පා සහගතයි.සිත් දිනා ගනිමින් සමාජශීලී වේ.

මීන ?

අද දවස ඔබට ශුභදායක නොවේ. සිත නිතර චංචල වේ. දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ වියදම් අධික වේ. ගුණ යහපත්කමින් යුතු වේ. අනුකම්පා සහගත සිත් පහළ වේ. ඇසුරු කරන්නන්ගේ සිත් දිනා ගනී.