ලග්න රැසකට යහපත උදා කරන දවසක්.. ඔබේ ලග්නයට හිමි ලග්න පලාඵල සම්පූර්ණ විස්තරය බලා දවස අරඹන්න..

Sri Lanka Horoscope Astrology Lagna Palapala Lagna Palapala 2022
By krishani May 27, 2023 12:30 AM GMT
Report

මේෂ

අද  දින කතාබහෙන් ආකර්ශනීය වනු ඇත.ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී.මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්ය.පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග සතුටින් කාලය ගෙවීමට අද දිනයේ දී ඔබට අවස්ථාව සැළසේ.


වෘෂභ

අද දින ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙන අතර ඔවුනගේ උදව් උපකාර ද ඔබට හිමියි. ඔබටත් උසස් සිතුවිලි ඇති වන අතර ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ති‍බේ.ඔබ අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කළ යුතුය.


මිථුන

සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය.එහෙත් අසරණ අයෙකුට උදවු උපකාර කිරීමෙන් සහ ආධ්‍යාත්මික කටයුතු වල යෙදීමෙන් ආතතියෙන් මිදිය හැක.


කටක

අද ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසකි.සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ.විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාව ද ලැබේ.එහෙත් ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය.


සිංහ

සාමාන්‍යෙයන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලට ද භාජනය වුවත් එය ඔබගේ දියුණුව පිණිසම වේ.ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ.දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ඔබට වස්තුව සහ සැප සම්පත් ලබාදිය හැක.


කන්‍යා

ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි.ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ.ගුරු වෘත්තියේ හෝ උපදේශක තනතුරුවල නියැලෙන්නන් ගෞරවාදරයට පාත්‍ර වේ.නිරෝගී භාවය ඇති වේ.ලෞකික සහ ලෝකෝත්තර දෙයාකාරයෙන්ම ඔබේ දියුණුවට මග සැළසේ.


තුලා

ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය.අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරුය.ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමට ද ඉඩ තිබේ.යහපත් ලෙස සිටියහොත් ඉහත කී අශුභ ඵල ද අඩු විය හැකිය.


වෘශ්චික

අද දින විවාහ අපේක්ෂකයන්ට ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි.ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී.අද දිනයේ ඔබගේ සිතුවිලි චංචල විම ඊට හේතුවයි.


ධනු

ව්‍යාපාර කොටස්කරුවන් සමග ද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. අද දිනයේ ඔබගේ සිතුවිලි චංචල විම ඊට හේතුවයි.යහපත අයහපත තෝරාබේරාගෙන කටයුතු කළහොත් සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ.


මකර

අද දින ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි.දරුවන් ඇති අය දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් වෙහෙසෙයි.ඔවුන් සමග ප්‍රීතියෙන් කල් ගෙවයි.උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය.


කුම්භ

අද දින ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙනු ඇත.ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ. ගමන් බිමන් යන්නේනම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ.


මීන

ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි.තම පරපුර බබලවමින් කරන සහෝදර සහෝදරියන් හා යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී.තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join