අද වෘෂභ ලග්න හිමියන්ට පෙර කුසල් මතුවන, ධන ලාභ හිමිවන සුභ දවසක්..සියලු විස්තර මෙතනින් බලන්න(VIDEO) .

Sri Lanka Lagna palapala Morning astrology Thushitha nishantha Kendara Gedara
By Aruna Dec 13, 2021 12:37 AM GMT
Report

2021-දෙසැම්බර් - 13 - සඳුදා

අද 2021 දෙසැම්බර් 13 වැනි සඳුදා. උදුවප් මස පුර දසවක තිටීය යෙදී ඇත. අද දවසේ ඉර උදාව පෙ.ව. 6.13 ට යෙදෙන අතර ප.ව. 5.57 ට ඉර බැසීම සිදු වේ.

උදේ කාලයේ රාහු කාලය යෙදෙන්නේ පෙ.ව.7.43 සිට පෙ.ව. 9.13 දක්වාය.රාත‍්‍රි කාලයේ රාහු කාලය යෙදෙන්නේ ප.ව.7.43 සිට රාත‍්‍රි 9.13 දක්වාය.අද දවස පංචාංග ශුද්ධිය ඇති දිනයකි.

රාති‍්‍ර 9.33 දක්වාම ශුභ කටයුතු ආරම්භ කිරීමට ශුභ දායකය.බුධ ග‍්‍රහයාට අයත් රේවතී නැකත යෙදී ඇති අද දිනයේ මාතාංග නම් ශුභ යෝගයද යෙදී ඇති නිසා කටයුතු සාර්ථක කර ගත හැකි දිනයකි.

මේෂ ලග්නය

ලග්නාධිපති අඟහරු ග‍්‍රහයා රවි සහ කේතු ග‍්‍රහයා සමඟ 8 වැන්නේ ගෝචරය වෙමින් පවතින අතර සඳු ග‍්‍රහයා 12 වැන්නේ ගමන් කරයි. තමාගේ දැඩි තීරණවලින් මිදී තරමක් සැහැල්ලූවෙන් කටයුතු කිරීමට උත්සහ ගතයුතු දිනයකි.ඉක්මන්කාරී,පරිස්සම්කාරී බවින් තොරව කටයුතු කිරිම නිසා ගැටුම් ගැටළු ඇති කර ගැනීමට ඉඩ ඇත .

තමාගේ කිට්ටුවන්තයින් සමඟ ආරවුල් ඇති කර ගනී.තැන්පත් ධනය වියදම් වීමට ඉඩ ඇති බැවින් ධනය වියදම් කිරීමට දෙවරක් සිතිය යුතුයි.

සාර්ථක ගිවිසුමකට හා හමුවීමකට මග පැදෙන අතර එවැනි කටයුතුවලදී ඉවසිලිව කටයුතු කිරීමේ උවමනාව ධාරනය කල යුතුයි.නිවාස ,දේපළ කටයුතුවලදී මුදල් ආයෝජනය යහපත් වල අතර ඒවා ඉටු කර ගැනීමට මග පෑදෙනු ඇත .

දරුවන්ගේ කටයුතු හා පේ‍්‍රම සම්බන්ධතාවලට ගැටළු පැන නගින දිනයකි.රෝගාබාධ වලින් මිදීමට හා ප‍්‍රතිශක්තිය වර්ධනය වීමට භාග්‍ය ඇත .විවාහ කටයුතුවල හා අඹු සැමියන් අතර ගැටළු ඇතිවිය හැකිය.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයේ ලග්නාධිපති සිකුරු ග‍්‍රහයා 9 වැනි භාවයේ මකර රාශියේ රවි ග‍්‍රහයාට අයත් නැකතක ගෝචර වෙමින් සිටී. පෙර කල කුසල කර්මයන්ගේ බලයෙන් වාසනාව ගෙනෙන දවසකි.බලාපොරොත්තු සහගතව කටයුතු ඉටුකර ගැනීමට අවශ්‍ය ශක්තිය හා වාසනාව නොමදව ලැබේ.

සඳු ග‍්‍රහයා 11 වන භාවයේ ගමන් කරමින් සිටින අතර ගමන් බිමන් ආශි‍්‍රත කටයුතු වලින් ,ජංගම ව්‍යාපාර වලින් කොටස් වෙළදපොලේ ගනුදෙනු වලින් ජනමාධ්‍ය හා විදුලි සන්දේශන කටයුතුවලින් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගත හැකියි.

ප‍්‍රථමික අධ්‍යාපන කටයුතුවල යෙදෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට උනන්දුව වැඩිවීමක් උසස් අධ්‍යාපන කටයුතුවල යෙදෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් ඉඩ ඇත .

විදේශ පදිංචිය සඳහා අයදුම් කරන අයගේ බලාපොරොත්තු ඉටු වේ.විවාහ ජීවිතයේ ගැටුම් ගැටළු ඇති වේ.රෝග පීඩාදියෙන් බලපෑම් එල්ල වේ.අනතුරු අවධානමක් ඇත .නිවාස,දේපළ,කටයුතුවල ප‍්‍රගතියක් ඇති වේ.

මිථුන ලග්නය

සඳු ග‍්‍රහයා 10 වැන්නේ ගමන් කරන අතර අද දිනයේ මිථුන ලග්න හිමියන්ගේ ලග්නාධිපති බුධ ග‍්‍රහයා 7 වැන්නේ කේතුට අයත් නැකතක ගෝචරය වේ. රැකියා ව්‍යාපාර කටයුතුවලට සාර්ථක දවසක් වන අතර තමාගේ අභිමානය වැඩි දියුණු කර ගැනීමට වෙහෙසෙයි.ආයතන ප‍්‍රධානීන්ගේ පැසසුමට ලක්වන අතර රැකියා උසස්වීම් සඳහා මග පැදෙනු ඇත .

තම ව්‍යාපාර කෙරෙහි සිත යොමු කරයි.නිවාස,දේපළ ,යාන වාහන කටයුතු ස`දහා අන් අයගේ සහයෝගය ලැබේ.විශේෂයෙන්ම බැංකු හා මූල්‍ය ආයතන වලින් වරප‍්‍රසාද ලැබීමට හැකියි.ධනය ලැබීම් අතින් යහපත්ය.

වියදම් සීමා කර ගත හැකියි.ඉතිරිය වැඩිකර ගත හැකියි.දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයක් නොපෙන්වයි.

උසස් අධ්‍යාපන කටයුතුවලට බාධාකාරී කි‍්‍රයාවක් යෙදේ.විදේශ ගතවීමට ,විදේශ සම්බන්ධතා ආශි‍්‍රත කටයුතුවලට බාධාවන් පැමිණේ .රෝග පීඩා වලින් බලපෑම් ඇති කරයි.

කටක ලග්නය

ලග්නාධිපති සඳු ග‍්‍රහයා 9 වැනි භාවයේ මීන රාශියේ බුධට අයත් නැකතක ගමන් කරමින් සිටී.පූර්ව වාසනා ගුණය හොඳින් කි‍්‍රයාත්මක වන අද දවසේ බලාපොරොත්තු හා අරමුණු සඵල කර ගැනීමට මාර්ග යෙදෙනු ඇත .

විශේෂයෙන්ම ආගමික කටයුතුවලට ,දානමානදී පුණ්‍ය කටයුතුවලට ,පරිත්‍යාග කටයුතුවලට සිත යොමු කරයි.අන් අයගේ සහයෝගය නොමදාව ලැබේ.විදේශගතවීම්,සංචාර ,කෙටි ගමන් සාර්ථක ලෙස යෙදේ.උසස් අධ්‍යාපන කටයුතුවලට යහපත්ය.

නිවාස ,දේපළ කටයුතුවලින් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගත හැකියි.රෝග පීඩාදියෙන් බලපෑම් ඇති වේ.හදිසි අනතුරු අවධානමක් ඇත .දරුවන්ගේ කටයුතු සාර්ථක ලෙස සිදුවන අතර ඔවුන්ගෙන් සෙනෙහස ලැබෙනු ඇත .

සිංහ ලග්නය

සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපති රවි ග‍්‍රහයා සිව්වැන්නේ වෘශ්චික රාශියේ බුධට අයත් දෙට නැකතේත් සඳු ග‍්‍රහයා 8 වැන්නේ ගමන් ගන්නා අද දවසේ කටයුතු සාර්ථක කර ගැනීමට බාධා පවතී.

විශේෂයෙන්ම වැරදි තිරණ ගැනිමට සහ කටයුතු කල් දැමීමට ඉඩ ඇත . බලාපොරොත්තු නොවන ආකාරයෙන් තමා වෙත දෝෂාරෝපන එල්ල වේ.අවලාද ,අපහාස අත්විදීමට සිදු වේ.නිවාස ,දේපළ කටයුතුවලට සිත යෙදවීම යහපත්ය.

අලූත් කටයුතුවලට අත නොගැසිය යුතුයි.පවත්වා ගෙන යන කටයුතු නිසි පරිදි පවත්වා ගෙන යාමට වග බලා ගන්න.ධන හානි හා අනවශ්‍ය වියදම් ඇතිවේ. ඉතිරි කිරිමට අපහසුය. පේ‍්‍රම සම්බන්ධතා සාර්ථකය.දරුවන්ගේ කටයුතු වල වර්ධනයක් පෙන්නුම් කරයි.

රෝග පීඩාදියෙන් ආරක්ෂා වේ. විදේශ ගත වීමට විදේශ ගත කටයුතු වලට බාධක අවහිරතා ඇතිවේ.

කන්‍යා ලග්නය

ලග්නාධිපති බුධ ග‍්‍රහයා සිව්වන භාවයේ කේතු ග‍්‍රහයාට අයත් මුල නැකතේ ගෝචරය වෙමින් පවතින අද දවස නිවාස දේපළ යාන වාහන කටයුතු වලට ශුභ දායක දවසකි.

අලූ‍තින් වාහන මිලට ගැනීමට, නිවාස සිහිනය ඉටුකර ගැනීමට සැලසුම් කිරිමට උත්සහ කිරීමෙන් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගත හැකිය. සදු ග‍්‍රහයා 7 වන භාවයේ ගමන් ගනිමින් සිටි.විවාහ කටයුතු සාර්ථක කර ගන්නා දවසකි.

අන් අයගෙන් තමාට උපකාර ලැබේ. ධනය ලැබීම යහපත් තත්වයක පැවතියද වියදම අඩු නැත. ඉතිරිය දුර්වලය. ක‍්‍රීඩා හා ජවයකින් කරන කටයුතු වලට යහපත්ය.

තමාගේ අභිමානය හා නායකත්වය අන් අය අතර කැපී පෙනේ.දරුවන්ගේ කටයුතු වල සාර්ථකත්වයක් පෙන්නුම් කරන අතර දරුවන් නිසා සතුටට පත් වේ.

පේ‍්‍රම සම්බන්ධතාවලට ශුභ දිනයකි. විදේශ ගත වීම, විදේශ ගත සම්බන්ධතා තුළින් කරන කටයුතු වලින් සාර්ථක ප‍්‍රතිඵල අත්කර දෙනු ඇත. විදේශ අධ්‍යාපන කටයුතු වලට ද යොමුවන අයට ඒවා ඉටුකර ගැනීමේ භාග්‍ය යෙදී ඇත.

තුලා ලග්නය

තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු ග‍්‍රහයා සිව්වන භාවයේ රවී ග‍්‍රහයාගේ නැකතක ගමන් ගනිමින් සිටි. සඳු ග‍්‍රහයා 6 වන භාවයේය. දුර ගමන් බිමන් යාමට වන්දනා හා ආගමික ගමන් බිමන්, විදේශ සංචාර හා විදේශ ගත කටයුතු වලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබීමට සිහින මවන දිනයකි.

රෝග පීඩා හා පරිසරයෙන්, බෝ වන රෝග වැලදීමට ඉඩ ඇත. ප‍්‍රතිශක්තිය දුර්වල වන අතර ආමාශගත හා ගර්භාෂය ආශ‍්‍රිත ප‍්‍රදේශවල රෝග මතු කිරීමේ අවදානමක් ඇත. ධනය ලබයි.නමුත් ලබන තරමට වියදම යෙදේ. ඉතිරිය දුර්වලය.

කථාව නිසා අද දවසේ තමාට අවාසි අත් කර ගනී. නිමාණාත්මක දක්ෂතා වර්ධනය වේ. නිවාස දේපළ යාන වාහන කටයුතු වලට ශුභ දිනයක් නොවේ. දරුවන්ගේ කටයුතු වලින් තම සිතට වේදනා ගෙනේ.

පේ‍්‍රම සම්බන්ධතා අසාර්ථක වන දිනයක් නිසා පෙම්වතුන් ඉවසිලි වන්තව කටයුතු කල යුතු ය. විවාහ ජිවිතයේ අඹු සැමියන් අතර ගැටුම් ගැටළු ඇති වේ.

වෘශ්චික ලග්නය

8 වෘශ්චික ලග්නයේ ලග්නාධිපති අගහරු ග‍්‍රහයා ලග්නයේ ගමන් ගනිමින් සිටී. සඳු ග‍්‍රහයා 5 භාවයේය. අනවශය හා බලාපොරොත්තු නොවන කරදර බාධක හිරිහැර ඇතිවිය හැකිය. දරුවන්ගේ කටයුතු වලින් සතුටු වන දිනයකි.

පේ‍්‍රමසම්බන්ධතා, පවත්වාගෙන යන අය ස්ථීර පේ‍්‍රමයක් භවට පත් කර ගැනීමට අධිෂ්ඨාන ඇති කර ගනී.දවස පුරාම නොසන්සුන් බවකින් හා කේන්තිගෙන කටයුතු කිරීමට සිදුවන සිදුවීම් ඇතිවිය හැකි බැවින් ඉවසිලිවන්තව කටයුතු කිරීමට අදිටන් කර ගත යුතුය.

රැකියා හා වි්‍යාපාර කටයුතු වල සාර්ථකත්වයක් හා දියුණුවක් අපේක්ෂා කල හැකිය. ප‍්‍රාථමික හා උසස් අධ්‍යාපන කටයුතු වල පසුබෑමක් ඇත. විදේශගත කටයුතු විදේශ ගමන් බලාපොරොත්තුවෙන් සිටින අයට ශුභ ආරංචි ලැබේ.

අනතුරු අවධානමක් ඇත. විශේෂයෙන්ම හිස ආශ‍්‍රිත අණතුරු සිදුවීමේ අවධානමක් වැඩිය. හිස ආශ‍්‍රිත රෝග ලේ ගමනාගමනය ආශ‍්‍රිත හදිසි රෝග මතු කිරීමට ඉඩ ඇත.

ධනු ලග්නය

9 ධනු ලග්නයේ ලග්නාධිපති ගුරු ග‍්‍රහයා තුන් වැනි භාවයේ කුජ ග‍්‍රහයාට අයත් දෙනට නැකතේ ගෝචරය වන දිනයකි. අධිෂ්ඨානශීලීව අරමුණකට කටයුතු කිරීමේ බලාපොරොත්තු ඇතිව දවස ආරම්භ කරන අතර දවස ගෙවෙන විට එම අරමුණු බොහොමයක් සාර්ථකව ඉටුකරගත් දිනයක් බවට අද දවස පත්කර ගත හැකිය.

සඳු ග‍්‍රහයා සිව්වන භාවයේ ගමන් ගනිමින් සිටී. නිවාස දේපළ කටයුතු ජලය ආශ‍්‍රිතව කරන කටයුතු වලින් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගන්නා දිනයකි. ධනය හොදින් ලබන අතර ඉතිරියද සාර්ථකය. දරුවන්ගේ කටයුතු වලින් අහන්නට ලැබෙන්නේ සිතට සහනයක් ගෙනෙන පණිවිඩයක් නොවේ.

පේ‍්‍රම සම්බන්ධතා දුරස් වීමේ අවධානමක් ඇත. පපුව ආශ‍්‍රිත හා උගුර ආශ‍්‍රිත රෝගත් ස්වාසනාලය ආශ‍්‍රිත රෝගත් වැළදිමට වැඩි ඉඩක් පවතී. විවාහ කටයුතු වලට අඹු සැමියන් අතර සහයෝගිතාවය වර්ධනය වීමට යහපත් ලෙස ග‍්‍රහ ගෝචරය යෙදෙන දිනයකි.

මකර ලග්නය

මකර ලග්නයේ ලග්නාධිපති සෙනසුරු ග‍්‍රහයා ලග්නයේ ගමන් ගන්නා අතර සඳු ග‍්‍රහයා තුන්වන භාවයේ ගමන් ගනී. අලූ‍ත් අදහස්, නවීන සංකල්පනා, සැලසුම් සිතට එන දිනයකි. ගන්නා තීරණ සාර්ථක වේ. කෙටිගමන්, ඇවිදිලි සංචාර යෙදේ. විදේශ ගමන් විදේශ සම්බන්ධතා මත කරන කටයුතු වලින් සාර්ථක ප‍්‍රතිඵල ළඟාකර ගත හැකිය.

අසල්වාසින්ගෙන්, තමාගේ කිට්ටු හිත මිතුරන්ගෙන් වඩා යහපත් සහයෝගයක් බලාපොරොත්තු විය හැකිය. ධන වාසනාව හොඳින් යෙදී ඇත. ධනය ඉතිරි කිරිමට හා මුල්‍ය කටයුතු වලින් වාසි අත්කර ගත හැකිය.

නිවාස දේපල යාන වාහන කටයුතු වලින් සාර්ථක ප‍්‍රතිඵල අත්වේ. දරුවන්ගේ කටයුතු වලට යහපත් දවසකි. රෝග පිඩාදියෙන් ඇති කරන බලපෑම් වැඩිය. සෞඛ්‍ය පිලිබඳ සැලකිලිමත් විය යුතුය.විවාහ සහකරුගෙන් දුරස්වීමක් ඇති විය හැකිය.

රැකියා වියාපාර කටයුතු වල තත්වය යහපත්ය. විශේෂයෙන්ම ඇවිදිලි සංචාර සහිත කටයුතු කොටස් වෙළඳපොලේ ගණුදෙනු, බ්‍රෝකර් හා කොමිස් මුදල් අපේක්ෂාවෙන් කරන ගනුදෙනු කෙටි කාලීන වියාපාර කටයුතු වලින් සාර්ථක ප‍්‍රතිපල අත්කර ගත හැකිය.

කුම්භ ලග්නය

කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයේ ලග්නාධිපති සෙනසුරු ග‍්‍රහයා 12 භාවයේ ද සඳු ග‍්‍රහයා දෙවැන්නේ ද අද දවසේ ගමන් කරයි. ධන වාසනාව හොඳින් ඇති දිනයකි. ධනය ලැබෙන මාර්ග කිපයක් විවෘත විය හැකිය. ලැබීමට තිබූ ධනයක් ලැබෙන දිනයකි. හදිසි ගමන් යෙදේ.

රෝහල් ගතවීම නීතිමය ප‍්‍රශ්ණ පැන නැගී. නිවාස දේපළ කටයුතු සඳහා මුදල් ආයෝජනය කිරීමෙන් යහපත් ප‍්‍රතිපල අත්කරගත හැකිය.දරුවන්ගේ කටයුතු වල දියුණුවක් අපේක්ශා කල හැකි අතර තමාගේ සිතට දරුවන් නිසා සතුට ඇති කරයි. විවාහ ජිවිතයේ අඹුසැමි ප‍්‍රශ්ණ හා ගැටුම් ඇති වේ.

විදේශගත කටයුතු, විදේශ සංචාර, විදේශ අද්‍යාපන කටයුතු වල ප‍්‍රගතියක් ඇතිකර ගත හැකිය. බොහෝ දේපල් අනවශ්‍ය ලෙස ගැඹුරට සිතීමෙන් සිතේ නැති ප‍්‍රශ්න ඇති කර ගනී.

මීන ලග්නය

12 මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයේ සඳු ග‍්‍රහයා ගෝචරය වන අද දිනය ඔබගේ සිතුවිලි අලූ‍ත් වී සාර්ථක දවසකට ශක්තිය ඔබ කරා පැමිණෙන දිනයකි. අලූ‍තින් ජීවිතය සාර්ථක කර ගැනීමේ නව දිශාවන්ට යොමු විමට සැලසුම් සකස් කර ගැනිමට අවධානය යොමු වේ.

ගමන් බිමන් විදේශ ගමන් සිහින සඵල වේ. නිවාස දේපල කටයුතු වලට සාර්ථක දිනයකි. විවාහ ජිවිතයේ සතුට ලඟා වේ. දරුවන්ගේ කටයුතු සාර්ථකය. එමගින් සිතේ සතුට හා අලූ‍ත් බලාපොරොත්තු ඉහල නැංවේ.

පේ‍්‍රම සම්බන්ධතා අලූ‍ත් වේ. එමගින් සතුට සංතුෂ්ටිය නොමදව ලැබේ.රෝග සුවවීමට ප‍්‍රතිශක්තිය වර්ධනය විමට භාග්‍යවන්තය. බලාපොරොතුවෙන් සිටි අරමුණු හෝ සැලසුම් වලින් ප‍්‍රතිපල අත්කර දෙයි. මහන්සි වී කටයුතු කිරීමට ශක්තිය ඇත. සතුටින් කල් ගෙවන දිනයකි.

තුෂිත නිශාන්ත ජ්‍යෙතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now




Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%