අද ලග්න කිහිපයකට මල් 07යි..වැඩි විස්තර දැන ගන්න වීඩියෝව නරඹන්න(VIDEO)

Astrology Lagna palapala Morning astrology Thushitha Nishantha
By Aruna Dec 12, 2021 12:32 AM GMT
Report

2021-12-12 ඉරිදා

අද 2021 දෙසැම්බර් මස 12 වන ඉරිදා . උ`දුවප් මස පුර නමවක තිථිය ලත් රිවිදින.

අද දවසේ ඉර උදාවන්නේ පෙ.ව. 6.13 ට ඉර බසින්නේ සවස 5.57 ට. අද දිවා කාලයේ රාහු කාලය පවතින්නේ සවස 4.43 සිට සවස 6.13 දක්වාය.

රාති‍්‍ර කාලයේ රාහු කාලය යෙදෙන්නේ පාන්දර 4.43 සිට උදෑසන 6.13 දක්වාය. අද දවසේ උත‍්‍රපුටුප නැකත උදා වී ඇත .

ඉරිදා දිනයක උත‍්‍රපුුටුප නැකත උදාවීමෙන් බලගතු සුස්ථිර නම් ශුභ යෝගය උදා වේ. එනිසා ඔබට බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට ශුභ දවසකි.

මේෂ ලග්නය

මේෂ ලග්න හිමියන්ගේ ලග්නාධිපති අ`ගහරු 8 වැන්නේ වෘශ්චික රාශියේ කර්මස්ථාන හා අයස්ථාන අධිපති සෙනසුරුට අයත් අනුර නැකතේ ගමන් කරමින් සිටි. රැකියා හා ව්‍යාපාර කටයුතු සඳහා බාධක පැමිණිය හැකිය. එම බාධක පැමිණෙන්නේ තමාගේ කිට්ටුවන්තයන්ගෙනි.

සිව්වැන්න හා සිතට අධිපති ශනි ග‍්‍රහයා 12 වැන්නේ මීන රාශියේ සෙනසුරුට අයත් උත‍්‍රපුටුප නැකතේ වේ.නිවසින් බැහැරවීම් ,කෙටි ගමන් බිමන් යෙදේ.තරමක් අවිවේකී දිනයකි.නිවාස, දේපළ,යාන වාහන කටයුතුවලට මුදල් ආයෝජනයෙන් සාර්ථක ප‍්‍රතිඵල ලැබිය හැකිය.

සිතට දුකක් දැනෙන පණිවිඩයක් අහන්නට ලැබේ.අවමංගල අවස්ථාවන්ට හෝ රෝගීන්ගේ සුවදුක් බැලීමට යාමට සිදුවේ.විවාහ හා පේ‍්‍රම සම්බන්ධතා කටයුතු වලදී ගැටලූ පැමිණේ .

දරුවන්ගේ කටයුතුවල සාර්ථක ප‍්‍රතිඵල ලබා ගැනීමට බාධාවක් ඇත.විදේශ ගමන් හා උසස් අධ්‍යාන කටයුතුවලට සාර්ථක දිනයකි.රෝග වැළදීමට ඉඩ ඇත.අනතුරු අවධානමක් ඇති බැවින් ප‍්‍රවේශමෙන් කටයුතු කරන්න.

වෘෂභ ලග්නය

සිකුරු ග‍්‍රහයා ලග්නාධිපති වූ වෘෂභ ලග්නයේ අද දවසේ 9 වැනි භාවයේ ගමන් කරමින් සිව්වැන්න අධිපති රවිගේ නැකතක තැන්පත්ව හිදී.වාසනාවන්ත දවසකට කරුණු යෙදී ඇති අතර පූර්ව වාසනා ගුනය හො`දින් කි‍්‍රයාත්මක වේ.එමගින් යහපත් ප‍්‍රතිඵල අත්කර ගත හැකිය.

පුණ්‍යවන්ත කටයුතු සඳහා සිත යොමුවන අතර අන් අයට උදව් කිරීමට,දානමාන දී පරිත්‍යාග කටයුතුවලට යොමු වීමට සිතේ කැමැත්තක් ඇති වේ.දුර ගමන් බිමන් ,විදේශ ගතවීම් ,උසස් අධ්‍යාපන කටයුතුවලට යහපත්ය.

එම කටයුතු වලින් සාර්ථක ප‍්‍රතිඵල අත්කර දෙයි. සඳු ග‍්‍රහයා එකොළොස්වන භාවයේ ගමන් කරමින් සිටී.හදිසි ලාභ ප‍්‍රයෝජන ලබන අතර බොහෝ කලක් සිතේ කැමැත්තකින් සිටි කරුණක් ඉටුවන බව පෙනේ.දරුවන්ගේ කටයුතුවල සාර්ථකත්වය අඩුය.දරුවන් හදිසි අනතුරුවලට ලක්විය හැකිය.

විවාහ ජිවිතයේ ගැටුම් හා ගැටළුකාරී තත්වයන් මතු කරයි.රැකියා ,ව්‍යාපාර කටයුතුවලට ශුභදායක ධන හානි ඇති වේ.

මිථුන ලග්නය

මිථුන ලග්නයේ ලග්නාධිපති බුධ ග‍්‍රහයා 7 වන භාවයේ කේතුගේ නැකතක ගමන් කරමින් සිටින අද දවසේ බලාපොරොත්තු සඵල කර ගැනීමට බාධාවක් පැමිණේ.තමාගේ කටයුතුවලට අන් අයගෙන් බාධක අවහිරතා පැමිණේ නමුත් පවුලේ අයගේ ශක්තිය තමන් වෙත හොඳින් ම ලැබෙන දිනයකි.

ස`දු ග‍්‍රහයා දහවැන්නේ ගමන් කරන අතර සෙනසුරුගේ නැකතක තැන්පත්ව හිදිමින් රැකියා ,ධනය සම්බන්ධ කටයුතුවලදී තමාට අවාසි තත්වයක් ඇති කරයි.සෘණාත්මක හා අලසකාරී ස්වභාවයන් මතු කරයි.

ගිවිසුම් ගතවීම් හා ණය ගැනීම් සම්බන්ධ කටයුතුවලට යොමු නොවීමට උත්සහ කරන්න. නිවාස දේපළ කටයුතුවලින් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමට බාධා සහිතයි.රෝගාබාධ හා අනතුරු අවධානමක් ඇත.විදේසගතවීම් හා දුර ගමන් ස`දහා බාධාවන් පැමිණේ.

ආගමික කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කර සිටිය යුතු දිනයකි.

කටක ලග්නය

කටක ලග්නයේ ලග්නාධිපති ස`දු ග‍්‍රහයා 9 වැන්නේ 7, 8 අධිපති සෙනසුරාගේ නැකතක ගමන් කරමින් සිටි.බෝහෝ කටයුතු සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමේ හැකියාවක් පවතින දවසකි.

ධනය ලැබීමේ වාසනා ගුණය ඉහලින්ම පවතින අතර ධනය ආයෝජනය කර කරනු ලබන කටයුතුවලින් සාර්ථක ප‍්‍රතිඵල හිමිකර ගත හැකිය.විදේශගතවීම් ,විදේශ සමුබන්ධතා මත කරනු ලබන කටයුතුවල සාර්ථකත්වය අඩු නිසා ඒ පිළිබඳව කල්පනාකාරීව කටයුතු කරන්න.

නිවාස, දේපළ,යාන වාහන කටයුතුවල සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමේ හැකියාවක් ඇත. දරුවන්ගේ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ප‍්‍රගතියක් දක්නට ලැබේ. පේ‍්‍රම සම්බන්ධතා වල ගැටලූ ඇති වේ.රෝගාබාධ මතුකරන අතර බෝවන රෝග ආසාධනය වීමේ අවධානමක් ඇත.

හදිසි අනතුරුවලට ලක්වීමට ඉඩක් ඇති අතර ගමනා ගමනයේ දී ප‍්‍රවේශම්කාරී විය යුතුය.විවාහ කටයුතුවලට යහපත් ය.රැකියා , ව්‍යාපාර කටයුතුවල එතරම් සාර්ථක ප‍්‍රතිඵල ගෙනෙන දවසක් නොවේ.

සිංහ ලග්නය

සිංහ ලග්නයේ උපන් ඔබගේ ලග්නාධිපති රවි ග‍්‍රහයා සිව්වැන්නේ වූ වෘශ්චික රාශියේ බුධ ග‍්‍රහයාට අයත් දෙට නැකතේ ගමන් කරමින් සිටී.නිවාස ,දේපළ , යානවාහන අත්කර ගැනීමටත් ප‍්‍රාථමික හා උසස් අධ්‍යාපන කටයුතු වලටත් ධන වාසනාව ඉහළින්ම ලැබීමටත් ශක්තිය ඇති ග‍්‍රහ ගෝචරයක් සිංහ ලග්නයට යෙදී ඇත.

ස`දු ග‍්‍රහයා 8 වැන්නේ ගමන් කරමින් සිටීම ගමන් බිමන් විදේශගතවීම් ස`දහා බාධා ඇති කරයි.නීතිමය ප‍්‍රශ්න රෝග පීඩා, අනතුරු අවධානම තදින්ම දැනේ.විවාහ ජීවිතය ගෙවන අය අතර අඹු සැමි ගැටුම් , හට ගැනීමට ඉඩ ඇත.

නමුත් පේ‍්‍රම සම්බන්ධතා ස`දහා ශුභ දිනයකි.දරුවන්ගේ කටයුතු වල සාර්ථක ප‍්‍රතිඵල හිමිකර දෙයි.නව රැකියා අවස්ථාවන් උදාවන අතර කරගෙන යනු ලබන රැකියා , ව්‍යාපාර කටයුතුවල සාර්ථක ප‍්‍රතිඵල අත්කර දෙයි.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයේ ලග්නාධිපති බුධ ග‍්‍රහයා සිව්වන භාවයේ ගමන් කරමින් කේතුගේ නැකතක තැන්පත්ව ඇත. ස`දු ග‍්‍රහයා 7 වැනි භාවයේ ගෝචරය වෙමින් පවති. සිය අරමුණු සඵල කර ගැනීම ස`දහා දැඩි අරමුණකින් කටයුතු කිරීමට පෙළඹෙන දවසකි.එම අරමුණු සාර්ථක කර ගැනීමේ වාසනාව හා භාග්‍ය නිරතුරුවම අද දවස පුරාම යෙදෙනු ඇත.

විශේෂයෙන්ම යහපත් සන්නිවේදනයක් සෙසු අය සම`ග පවත්වා ගෙන යාමට දක්ෂ වන අතර එමගින් පවුලේ කටයුතු ,රැකියා හා ව්‍යාපාර කටයුතුවල සාර්ථක ප‍්‍රතිඵල හිමිකර ගැනීමේ භාග්‍ය උදා කරයි.

ධන වාසනාව නොවඩුව ලබන අතර අලූතින් ධනය ලැබෙන මාර්ග සොයා බැලීමට උනන්දු වේ.නමුත් නිවාස,දේපළ , යානවාහන කටයුතුවලදී අවාසි සහගත ප‍්‍රතිඵල හිමිවිය හැකිය.එ නිසා එවැනි කටයුතුවල යෙදීමේ දී ප‍්‍රවේශම් වී නිරත වීම ශුභ දායකය.

දරුවන්ගේ කටයුතුවල යහපත් තත්වයක් උදාවන අතර රෝග පිඩා සමනය විමට නිරෝගී සුවය ලැබීමට වාසනාව ගෙනදෙයි.

තුලා ලග්නය

තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු ග‍්‍රහයා සිව්වැන්නේ මකර රාශියේ 11 වැන්නාධිපති රවි ග‍්‍රහයාගේ නැකතකත් ස`දු ග‍්‍රහයා 6 වැන්නේත් ගමන් කරමින් සිටියි. රැකියා ව්‍යාපාර කටයුතු වල දියුණුවක්,සාර්ථකත්වයත් අපේක්ෂා කළ හැකි අතර නිවාස ,දේපළ ,යාන වාහන කටයුතු වලින් වාසි අත්කර ගතහැකිය.

ධන වාසනාව හො`දින්ම යෙදෙන දිනයක් වන නමුදු ධනය වියදම් වීමට ඇති ප‍්‍රවණතාවය ද වැඩිය.එ් නිසා ධනය ස්ථාවර දේපළ වල යෙදීමට වග බලා ගත යුතුය.විදේශ ගත වීම් ,විදේශ සම්බන්ධතා මත කරන කටයුතු වලට යහපත් ය.

එම`ගින් තමාට සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගත හැකිය . රෝග වැළදීමට බෝවන රෝග අසාදනයට වැඩි ඉඩක් පවතින අතර අමාංශ ගත රෝග වලින් හා සෙම්රෝගීන් ට දැඩි පීඩාවන් ඇති විය හැකිය.

දරුවන්ගේ කටයුතුවල සාර්ථකත්වය අඩුය. විවාහ කටයුතු වලදී හා පවුලේ කටයුතු වලදී ගැටුම් ,සිත් අමනාපකම් ඇති කරයි.

වෘශ්චික ලග්නය

ලග්නාධිපති අ`ගහරු ග‍්‍රහයා ලග්නයේම ගමන් කරමින් සෙනසුරුගේ නැකතක තැන්පත්ව සිටින අතර ස`දු ග‍්‍රහයා 5 වැන්නේය. ඉක්මනින් කටයුතු සපල කර ගැනීමට හදිස්සියක් සිතේ ඇති වන අතර එ් ස`දහා ක‍්‍රියාත්මක වීමේ දී ගන්නා තීරණ වැරදීයාමට ඉඩ ඇත .නම්‍යශීලී බව අඩුවන අතර අන්අයගේ උපදෙස් වලට සවන් දීම අඩු ය.

තරමක් ආඩම්බර කාරීව දවස ගෙවන අතර සෙසු අය සම`ග සුහදතාවය දුරස් කර ගනී . රහස් හා කුමන්ත‍්‍රණ කටයුතු වලට සිත යොමු වන අතර එම`ගින් අවාසි අත්කර ගනී.

දේපළ ආශ‍්‍රීත කටයුතු වලින් තමාගේ නිවසේ සිට කරන කටයුතු වලින් ධන වාසනාව වැඩියෙන් ළ`ගා කර ගත හැකිය.රැකියා කටයුතු වලදී නොනැමෙන තීරණ ගැනීමෙන් ප‍්‍රධානීන් සම`ග ගැටුම් ඇතිකර ගනියි.

තමාට වඩා පහළ සේවකයන්ට අනවශ්‍ය බලපෑම් කිරීමෙන් හො`ද හිත පළු`දු කර ගනී. දරුවන්ගේ කටයුතුවල යහපත් තත්වයක් නොමැති අතර දරුවන් සම`ග ගැටලූ ඇති කර ගත හැකිය.විවාහය සම්බන්ධ කරුණු වලදී තමාගේ යහපතට කරුණු යෙදුනු ඇත .

රෝග පීඩා වලින් සහනයක් ගෙනෙන අතර ඉක්මන්කාරී හා නොසන්සුන්ව කටයුතු කිරීමෙන් හදිසි අනතුරු ඇති කරගත හැකිය.

ධනු ලග්නය

ධනු ලග්නයේ ලග්නාධිපති බ‍්‍රහස්පති ග‍්‍රහයා තුන්වැන්නේ කුම්භ රාශියේත් අ`ගහරු ග‍්‍රහයාගේ නැකැතක් අද දින ගෝචර වේ. අසල්වාසීන්,සොයුරු සොයුරියන් හා සමාජය සම`ග කටයුතු කිරීමේ දී යහපත් ප‍්‍රවනතාවක් ඇති කර ගනී .

සිතේ ඉවසිලිබවක් පවතින අතර දුර දිග බලා කටයුතු කිරීමට පෙළඹේ .ස`දු ග‍්‍රහයා සිව්වැන්නේ ගමන් කරමින් සිටීම ජීවිතයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට නිවැරදි සැලසුම් වලට සිත යොමු වේ.ධනය ලැබීම යහපත් වන අතර ධනය ඉතිරි කරගැනීමට ද හැකිය.

පවතින නිවසින් අලූත් නිවසක් කරා යාමට හෝ ඉදිකරමින් පවතින නිවස සම්පුර්ණ කර ගැනීමට ද සිත යොමු කරයි.විදේශ ගමන් සිහිනය ,විදේශ රැකියා හා විදේශ අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයන් හා ප‍්‍රගතියක් ඇති කරයි.

රෝග පීඩා වලින් තමා හෝ පවුලේ අය පීඩාවට පත්විය හැකිය. එ් ස`දහා කාලය හා ධනය වැය කිරීමට සිදු වනු ඇත . දරුවන්ගේ කටයුතු සාර්ථකත්වය අඩු දවසකි.විවාහ සහකරු හෝ සහකාරිය සම`ග දැඩි බැ`දිමක් ඇතිවේ.

මකර ලග්නය

මකර ලග්නයේ ලග්නාධිපති සෙනසුරු ලග්නයේ ගමන් ගන්නා අතර හත්වැන්නාධිපති ස`දුගේ නැකතක ගෝචර වෙමින් සිටි. ස`දු ග‍්‍රහයා තුන්වැන්නේ ගමන් කරයි.ජීවිතයේ සාර්ථකත්වය උදෙසා තීරණ ගැනීමට පෙළඹීමක් ඇති වේ.

කෙටි ගමන් යෙදෙන අතර බොහෝ විට අන් අය වෙනුවෙන් කටයුතු කිරීමට සිතේ පෙළඔවීමක් ඇති වේ. නැවුම් අදහස් හා අලූත් සැලසුම් පිළිබ`ද සිහින දකී.තමාගේ උත්සායයෙන් ධනය සොයන නව මාර්ග කෙරෙහි අවධානය යොමු කරයි.නමුත් වැය පක්ෂය අධිකයි.

විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනය හිමිවන දිනයකි.අඹු සැමියන් සෙනෙහේ වන්ත බව වැඩි දියුණු වේ.නිවාස ,දේපළ,යානවාහන කටයුතුවල සාර්ථක දවසක්ි .උසස් අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට බාධාවන් පැමිණේ .

විදේශ කටයුතුවල යෙදෙන අයට විදේශගත වීමට බලාපොරෝත්තු වන අයට විදේශ ආදායම ලැබීමට උත්සහ කරන අයට සාර්ථක ප‍්‍රතිඵල ගොනෙන දවසකි .රෝගාබාධ පීඩාවන් ඇතිවිය හැකිය.දරුවන්ගේ කටයුතු මල්වල ගැන් වේ. කුම්භ ලග්නය

කුම්භ ලග්නයේ

ලග්නාධිපති සෙනසුරු ග‍්‍රහයා 12 වැන්නේ ස`දුගේ නැකතක ගමන් කරමින් සිටින අතර ස`දු ග‍්‍රහයා දෙවැන්නේ ගමන් කරයි. බෝහෝ කටයුතු කල්පසු කිරීමට සිතයි.ධනය ඉපැයීම ස`දහා තරමක් මහන්සි ගත යුතුය.නමුත් රැකියා කටයුතුවලදී සාර්ථකත්වයක් පෙන්නුම් කරයි.රැකියා ස්ථානවල ප‍්‍රධානීන්ගේ අවධානයට හා පැසසුම ට ලක් වේ.

ව්‍යාපාර කටයුතුු වලදී නව ප‍්‍රවනතාවක් මතුකර ගනී.නිවාස ,දේපළ කටයුතුවල ආයෝජනය කිරීම සාර්ථක ප‍්‍රතිඵල ලැබීමට හේතුවකී.දරුවන්ගේ කටයුතුවල සාර්ථකත්වයන් පෙන්නුම් කරයි.උගුර ආශ‍්‍රීත රෝග ,සෙම් රෝග වැළදීමට ඉඩ ඇත .අඹු සැමියන් අතර ගැටුම් ඇති වේ.

පේ‍්‍රම සම්බන්ධතා සාර්ථක කර ගත හැකිය.විදේශ ගමන් ,විදේශ සම්බන්ධතා වලට සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගත හැකිය.තමාගේ මහන්සියෙන් තොරව ලැබීම් ඇති දිනයකි.

මීන ලග්නය

මීන ලග්නයේ ලග්නාධිපති බ‍්‍රහස්පති ග‍්‍රහයා 12 වැන්නේ අ`ගහරුට අයත් නැකතක ගෝචර වෙමින් පවතින අතර ස`දු ග‍්‍රහයා ලග්නයේ ගමන් කරයි. විශ්වාසයෙන් යුතුව තම අරමුණු සඵල කරගැනීමට ප‍්‍රවේශවීමේ හැකියාවකින් දවස ඇරඹිය හැකිය.නමුත් තමාගේ උත්සහයේ තරමට ප‍්‍රතිඵල ළගා කර ගැනීමට බාධාවන් පැමිණේ.ධනය ලැබීමේ භාග්‍ය ඉහළින්ම යෙදී ඇත .

තමාගේ තිරණ නිවැරදි හා සාර්ථක ප‍්‍රතිඵල ලැබීමට හේතු ඇති වේ.දරුවන්ගේ කටයුතුවලින් තමාට සතුට සංතෘප්තිය ඇතිකරයි.පේ‍්‍රම සම්බන්ධතා සාර්ථකය.රෝගාබාධවලින් නිරෝගි බව ඇති කරයි.තමාගේ ප‍්‍රතිශක්තිය ඉහළ මට්ටමක පවති.

විවාහ කටයුතුවලදි හා අඹු සැමියන් අතර දුරස්වීම් ඇති වේ.විදේශ ගමන් විදේශ කටයුතුවලට බාධා පැමිණේ.කෙසේ නමුත් හිතුවාට වඩා දවසේ කටයුතුවල සාර්ථකත්වයක් අපේක්ෂා කල හැකියි.


තුෂිත නිශාන්ත ජ්‍යෙතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%