පැරිසියේ අයිෆල් කුළුණට වඩා උස ආසියාවේ උසම දුම්රිය පාලම ළඟදීම ජනතාවට. (VIDEO)
ලොව උසම දුම්රිය පාලම විවෘත කිරීම සඳහා සියළු කටයුතු සූදානම් බව ඉන්දීය ප්‍රවාහන කටයුතු භාර අමාත්‍ය Vijay Kumar Singh පවසනවා.
චෙනාබ් ගඟ හරහා ළඟදීම විවෘත කිරීමට නියමිත මෙම පාලම ලෝකයේ උසම දුම්රිය පාලම බවයි වාර්තා වන්නේ.
එය පැරිසියේ අයිෆල් කුළුණට වඩා වැඩි උසකින් යුතු අතර මෙම පාලම ඉදි කිරීම මගින් ප්‍රවාහන කටයුතු සඳහා සිදු වන නායයාම, හිමපතනය, ජල ගැලීම් සහ ගස් කඩා වැටීම් වැනි බාධාකාරී තත්වයන් අවම කර ගැනීමට හැකි වන බවයි මෙහි ඉදිකිරීම් භාර ඉංජිනේරු සමාගම ප්‍රකාශ කර ඇත්තේ.
ඒ, අනුව ඕනෑම කාලයකට සරිලන ලෙස ඉදිකිරීමට යන මෙම පාලම දකුණු ජම්මු කාශ්මීරයේ ස්‍රී නගර් දිස්ත්‍රික්කයේ සිට ඉන්දීය අගනුවර දක්වා හැකි ඉක්මනින් සාදා නිම කිරීමටයි පියවරගෙන තිබෙනවා.
1999 වර්ශයේ දී පාලම ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර මෙය නිම කිරීම සඳහා වැය වී ඇති මුළු මුදල ඩොලර් මිලියන 168ක්.
උදම්පූර්-ශ්‍රීනගර්-බැරමුල්ල රේල් ලින්ක් ව්‍යාපෘතියේ (USBRL) කොටසක් වන් මෙය ඉන්දීය දුම්රිය මාර්ග ඉදිකිරීම් ඉතිහාසයේ අභියෝගාත්මකම ඉදිකිරීමක් වනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |