අශෝක් අබේසිංහ සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි
SJB
Ashok Abeysinghe
Latest Headlines
Sinhala news
Colombo politics heat up
By R.rishma
සමගි ජන බලවේගයේ කුරුණෑගල ප්‍රධාන සංවිධායක ධුරය ඇතුළු පක්ෂයේ තමන් දැරූ සියලු තනතුරුවලින් හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඉල්ලා අස්වී තිබේ.
ඒ සම්බන්ධයෙන් ඔහු සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව, සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ධුරයට අමතරව, පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ධුරයෙන් ද ඔහු ඉල්ලා අස්වී ඇත.
එමෙන්ම සමගි සේවක සංගමයේ සභාපති ධුරය, විපක්ෂ නායකවරයාගේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් ධුරය සහ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ද අශෝක් අබේසිංහ මහතා විසින් අත්හැර තිබේ.