රාත්‍රියේ 14 ළමයෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදාහැරීමෙන් පසුව අදහාගත නොහැකි දෙයක් සිදු වෙයි..(VIDEO)

Police Ashan jayathilaka Ekshath Manawa himikam sanwidanaya Kiribath goda
By Aruna Feb 11, 2022 04:13 AM GMT
Report

පසු ගිය දිනක රාත්‍රියේදී අෂාන් ජයතිලක විසින් හදීසියේ කිරිබත්ගොඩ නගරයේදී මුණ ගැසුණු ළමයාගෙ කදුලු කතාවක වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදාහරිනු ලැබුවා.

මෙම 14 හැවිරිදි ළමයා කියන ඇතැම් සිද්ධීන් පිළිබඳව මේ වන විට සමාජයේ බොහෝ දෙනෙකුගේ විවේචනයට සහ කතාබහට ලක්වෙමින් පවතී.

මේ පිළිබඳව "එක්සත් මානව හිමිකම් සංවිධානය" විසින් ද සිය අවධානය යොමු කර තිබීම විශේෂත්වයක්.

ඔවුන් මේ සම්බන්ධව දැක්වූ ප්‍රතිචාරය පහතින් දැක්වේ. BURGAR KING VEDIOවේ ළමයා නිසා එළියට ආ කිරිබත්ගොඩ ස්ථානාධිපතිවරයාගේ නපුරු චරිතේ ජනතා ආරක්ෂාව වෙනුවෙන් , පොලිස්පතිවරයාට සිහි කරවන්නෙමු.

කිරිබත්ගොඩ නගරයේදී වීඩියෝවකට දුක කියූ ළමයා පිළිබඳව පහත සන්දහන් ලෙස කටයුතු කර ඇත.

2022.02.07 රාත්‍රියේදී අෂාන් ජයතිලක විසින් හදීසියේ මුණ ගැසුණු මෙම ළමයාගෙ කතාව වීඩියෝ කර ඇති අතර 2022.02.08 දින එය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා .

එක්සත් මානව හිමිකම් සංවිධානය අෂාන් ජයතිලක හා සම්බන්ධ වීමෙන් අනතුරුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියව වෙත පැමිණිළි කරනා ලදී.

CC/22/02/194 . කිරිබත්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ අංශයේ කා.උ.පො.ප. මීරියගල්ල නිළධාරිණියව දැනුවත් කරනා ලදී.

මගෙන් රටට සංවිධානයේ රසිකා කොළඹගේ මහත්මිය සහ අෂාන් ජයතිලක යන අයද කිරිබත්ගොඩ පොලීසිය හා සම්බන්ධ වී මෙකී ළමයා සෙවීමට කටයුතු කර ඇත.

දැනට ලබී ඇති තොරතුරු වලට අනුව එකී ළමයා වීඩියෝවට ලබා දී ඇති තොරතුරු අසත්‍යය. එහෙත් අපි එසේ නොසිතමු.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රධාන කාර්‍යාලයයට සියළු තොරතුරු ලබාදී ඇත. තොරතුරු ලැබෙන අයුරින් සටහන් එක් කරන්නෙමු.

ළමයා සෙවිල්ල කෙසේ වෙතත් 2022.02.8 සවස් කාළය , වීඩියෝශිල්පී අෂාන් ජයතිලක යන අයව කිරිබත්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් අත් අඩංගුවට ගැනීම වලකා ලීමට කටයුතු කරවීමට සිදුවිය.

වින්දිතයා හෝ , වැරදි කරන්නවුන් සොයා සමාජය දැනුවත් කිරීම , නිසි රැකවරණය ලබාදීමේ ක්‍රමවේදය සකසා ගැනීම වෙනුවට , වීඩියෝව කර මුදා හරිනා ලද පුද්ගලයාට හිරිහැර කිරීමට තැත් කිරීම , භිය ඇති කරවීම තුළින් කිසිම විශේෂිත සිදුවීමක් සමාජය ඉදිරියට ගෙන ඒම පසෙක ලා නොදුටුවා සේ යාමට සමාජය හැඩ ගැසෙනු ඇත.

මැරිලා වැටිලා හිටියත් අහක බලං යන එක කළ යුතු බව කිරිබත්ගොඩ පොලීසියේ නිළධාරින්ම පවසා ඇති බවද වාර්තා වේ.

කෙසේ හෝ වේවා ගරු කාන්තා නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියවද මේ පිළිබඳව දැනුවත් කරවීමෙන් අනතුරුව ප්‍රකාශයක් ලබාදී කිරිබත්ගොඩ පොලීසියෙන් පිටවීමට අෂාන් ජයතිලකට හැකියාව ලැබුණී.

2022.02.09 දින අෂාන් ජයතිලකව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ මූලස්ථානය (ග්‍රෑන්ඩ්පාස්) වෙත යොමු කරවා අදාළ සංස්කරණය නොකරන ලද වීඩියෝව එහි ස්ථානාධිපතිනිය වන කා.ප්‍ර. පො.ප. සමන්ති මහත්මිය වෙත ලබා දීමට කටයුතු කරවා ඇත.

2022.02.08දින කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති එච්. පී.එල්. ප්‍රදීප් කුමාර මහතාගේ මානුෂික නොවන ක්‍රියා කළාපය පිළිබඳව පොලිස්පති වරයා වෙත පැමිණිළි කර ඇත.

CR/199. මෙම නිළධාරියා 2019 වසරේදී පමුණුගම ස්ථානාධිපතිවරයාව සිටියදී ඇලෙන් එගොඩ , පමුණුගම නිදහස් මාධ්‍යවේදිනියක් , පාරම්පරික දේශීය වයිද්‍යවරියක් හා එක් දරු මවක් වන වන ඈන් මධුරංගනී රණවීර යන අයගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළුවීම ඇතුළු ක්‍රියාවක් හේතුවෙන් මූලික අයිතිවාසිකම් කඩකිරීමේ නඩුවක්ද පවතින නිළධාරියෙක් වන බව වාර්තා වේ 381/2019 ( නීතිඥ ලක්ෂාන් ඩයස් ).

වධහිංසා කිරීම හා අපහාස කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වෙත පැමිණිළි කර ඇත HC 2406 මහජනයාගේ ආරක්ෂාවට ඇති පොලිසියේ සමහර නිළධාරීන්ගේ අදූරදර්ශි හා මිත්‍රශීලි නොවන අනුවණ ක්‍රියාවන් නිසා සමාජය පුරාවට අනවශ්‍ය භියක් , අපුලක් විහිදී යයි.

දිනෙන් දින පොලීසියේ කීර්ති නාමයට අගති ගෙන දෙයි.

පොලීසියේ බුද්ධි අංශ සේවාව නිසියාකාරව යොදවා ගෙන ස්ථානාධිපතිවරු පිළිබඳව ඉතා හොඳින් සොයා බැලිය යුතු වන්නේ , මහජනතාවට ආරක්ෂාව වෙනුවට ජීවිත තර්ජන , මානසික භිය උපදවන අවස්ථා නවතා ජනතාවට මිත්‍රශීලී සේවාවක් වචනයේ පරිසමාප්ත අයුරින්ම ලබා දීම සඳහාය.

කැළණිය දිශාව භාර රොෂාන් ඩයස් මහතාවද මේ පිළිබඳව දැනුවත් කරවා ඇත.

ගරු පොලිස්පති තුමණි , පොලීසිය භාර ( රියර් අද්මිරාල් සරත් වීරසේකර ) ඇමති තුමණි, මූලික අයිතිවාසිකම් කඩකරවීමේ චෝදනා ලැබ සිටිනා, මහජනයාට විශේෂයෙන්ම ළමයින්ට හා කාන්තාවන්ට අමානුෂික ලෙස සළකා ඇති බවට වාර්තා වන නිළධාරින් පොලිස් ස්ථානයන්හී ස්ථානාධිපති ධූරයන්ට පත් නොකරන ලෙසද , බුද්ධි අංශ ස්වාධීන කරවා සත්‍ය තොරතුරු පමණක් වාර්තා වන පරිදි සකසවා සැබැවින්ම ජනතා මිත්‍රශීලි පොලීසියක් බිහිකරලීමට ක්‍රම වේදයන් සකසා ක්‍රියාත්මක කරවනා ලෙසද ඉල්ලා සිටින්නේ රටේ අනාගතයේ නාමයෙනි.

2022.02.10

එක්සත් මානව හිමිකම් සන්විධානය

අදාල වීඩියෝව මෙතන ක්ලික් කර බලන්න?

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now