අරුන්දික ඉල්ලා අස්වෙන්න සූදානමක්...හැබැයි එක් කොන්දේසියකට යටත්වලු.

Sri Lanka Parliament Political Arundika Fernando
By Aruna Feb 03, 2022 04:22 AM GMT
Report

රාගම වෛද්‍ය පීඨයේ සිසුනට පහර දීමට තමන් සම්බන්ධ යයි නම් ඔප්පු කරන්නේ නම් ඇමති ධුරයෙන් ඉවත්වන බව රාජ්‍ය ඇමති අරුන්දික ප‍්‍රනාන්දු පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ අදාළ සිදුවීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන වෛද්‍ය පීඨ සිසුවකුගේ සුව දුක් බැලීම සඳහා රෝහලට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

අදාල සිදුවීමට පොල් සංවර්ධන අධිකාරියට අයත් වාහනයක් යොදා ගෙන ඇති බව තහවුරු වී ඇති අතර අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අයෙකුද ප‍්‍රහාරයට සම්බන්ධ වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔවුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනටමත් අදාල කාර්ය මණ්ඩල නිලධාරියාගේ සේවය අත්හිටුවීමට ද කටයුතු කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now