ඇමතිකමින් ඉවත් වන්නැයි අරුන්දිකට ජනපති දන්වයි..

Political Mahinda Rajapakshe Gotabaya Rajapakshe Sri Lanka podujana peramuna Arundika Fernando
By Aruna Feb 03, 2022 12:08 AM GMT
Report

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරනවා.

පොලිසිය මග හරිමින් විදේශගතව සිටි එතනෝල් ව්‍යාපාරිකයකු ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයෙන් කැඳවාගෙන ඒම හා රාගම වෛද්‍ය සිසුන්ට පහරදීම අමාත්‍යවරයාට මෑතකදී එල්ලවූ ප‍්‍රබල චෝදනා ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම තොරතුරු තහවුරු කළ නොහැකි බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now