කෘතිම බුද්ධියෙන් ප්‍රවෘත්ති කියන ලොවම වසඟ කළ රූමතිය. (VIDEO)

Kuwait
By krishani Apr 12, 2023 07:06 AM GMT
krishani

krishani

in ලෝකය
Report

කෘතිම බුද්ධිය භාවිතයෙන් ප්‍රවෘත්ති නිවේදිකාවක් කුවේට් මාධ්‍ය ආයතනයක් විසින් නිර්මාණය කර තිබෙනවා.

එය අන්තර්ජාලය හරහා දැන්වීම් කියවීමට මේ වනවිට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

“Fedha” නමින් හඳුන්වන කෘතිම බුද්ධි නිවේදිකාව සෙනසුරාදා දිනයේ කුවේට් නිවුස් වෙබ් අඩවියේ ට්විටර් ගිණුමේ කළු පැහැති ජැකට් සහ සුදු ටී ෂර්ටයකින් සැරසී සිටින කාන්තාවකගේ රූපයකින් පෙනී සිටියේ ය.

කෙසේවෙතත් මෙම වෙබ් අඩවිය ගල්ෆ් කලාපයේ ප්‍රථම ඉංග්‍රීසි භාෂා දිනපතා පුවත්පත ලෙස 1961 දී ආරම්භ කරන ලදී.

ඒ කුවේට් ටයිම්ස් පුවත්පතට අනුබද්ධ ආයතනයක් ලෙසයි.

අනාගතයේ දී Fedha මිලියන 1.2 අනුගාමිකයින් සිටින වෙබ් අඩවියේ Twitter ගිණුමේ ප්‍රවෘත්ති දැන්වීම් ඉදිරිපත් කළ හැකි බව එහි නියෝජ්‍ය ප්‍රධාන කර්තෘ අබ්දුල්ලා බොෆ්ටන් සඳහන් කළේ ය.

විඩියෝ දර්ශන - WION Y-Tube Channel