පළමු කෘතිම බුද්ධි (AI) ප්‍රවෘත්ති නිවේදිකාව ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම අරඹයි.(VIDEO)

Informatics Institute of Technology Sri Lanka Sri Lanka Social Media India World
By Aruna Jul 28, 2023 06:22 AM GMT
Report

ඔඩිෂා ටෙලිවිෂන් ලිමිටඩ් (OTV) විසින් ප්‍රාන්තයේ පළමු කෘතිම බුද්ධි (AI) ප්‍රවෘත්ති නිවේදිකාව ලෙසින් ලීසා හඳුන්වා දී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තාකොට සිටින්නේ, AI ප්‍රවෘත්ති නිවේදිකාව වන ලීසා හඳුන්වාදීම පැවති උත්සවයකදී සිදු වූ බවයි.

OTV හි කළමනාකාර අධ්‍යක්ෂ Jagi Mangat Panda තාක්‍ෂණික දියුණුව වැළඳ ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළ අතර මිනිසුන් අන්තර්ජාලයේ වැඩි කාලයක් ගත කරන වර්තමාන ඩිජිටල් යුගයේ OTV හි අරමුණ වන්නේ කාලයට අනුකූලව ක්‍රියා කිරීම බවයි ඇය ප්‍රකාශකර සිටියේ.

ඔඩීෂා ප්‍රාදේශීය රූපවාහිනී විකාශන ක්ෂේත්‍රයේ පළමු AI වන ලීසා හඳුන්වාදීම රූපවාහිනී පුවත්පත් කලාවේ නව යුගයක් සනිටුහන් කිරීමක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ.

“පරිගණකයක් පුදුම සහගත දෙයක් වූ කාලයක් තිබුණා.

නමුත් කාලය වෙනස් වී ඇති අතර වර්තමානයේ මිනිසුන් වැඩි කාලයක් අන්තර්ජාලයේ ගත කරති.

එබැවින්, කාලය සමඟ වේගයෙන් ගමන් කරමින්, රූපවාහිනී පුවත්පත් කලාවේ වසර 25 ක් සාර්ථකව සම්පූර්ණ කළ OTV, Odisha හි පළමු කෘතිම බුද්ධි ප්‍රවෘත්ති නිවේදිකාව හඳුන්වා දීමෙන් තවත් සන්ධිස්ථානයක් තබා ඇත,'' ඔඩීෂා ප්‍රාදේශීය රූපවාහිනී වාර්තාවක සටහන් ව තිබුණා.