ළදරු අධ්‍යාපනයට කෘතිම බුද්ධිය..

Sonia Agarwal Google Microsoft Artificial Intelligence
By Sewvandhi Jul 26, 2023 10:48 AM GMT
Report

මයික්‍රසොෆ්ට් සම නිර්මාතෘ, ප්‍රකෝටිපති බිල් ගේට්ස් කියන්නේ, AI නැතිනම් කෘත්‍රීම බුද්ධිය ලෝකයේ ඉදිරි අනාගතය තීරණය කරනු ඇති බව කල්තියාම දැන සිටි අයෙක්.

මේ හේතුවෙන් කෘත්‍රීම බුද්ධි සංවර්ධනය සඳහා මයික්‍රසොෆ්ට් සමාගම දැවැන්ත ආයෝජන සිදුකළ අතර ඇල්ෆබට් නැත්නම් ගූගල් සමාගමත් ඒ මඟ යමින් කෘත්‍රිම බුද්ධිය තම පරිගණක තාක්ෂණ මෙවලම් සහ යෙදවුම් සඳහා භාවිත කළ හැකි ආකාරය සොයා බැලුවේය.

එම ආයෝජනවල ප්‍රතිඵල දැන් සිටම පෙන්නුම් කරන අතර, මේ නිසා මයික්‍රසොෆ්ට් සහ ගූගල් සමාගම්වල වටිනාකම කැපී පෙනෙන ලෙස ඉහළ ලෙස තිබේ.

කෘත්‍රිම බුද්ධියේ අගය වටහාගත් බිල් ගේට්ස් අමෙරිකාවේ සැන් ඩියේගෝහි පැවති තාක්ෂණ සමුළුවක් අමතමින් එහි හැකියාවන් පිළිබඳ අපූරු කතාවක් සිදුකළේය.

ඔහු එහිදී සඳහන් කළේ, කුඩා දරුවෙකුට මාස 18ක කාලයක් තුළ ලිවීමේ සහ කියවීමේ හැකියාව ප්‍රගුණ කරලීමට කෘත්‍රීම බුද්ධි මෙවලම්වලට නැත්නම් චැට්බොට්ස්වලට හැකියාවක් ඇති බවය.

ඕනෑම මිනිස් ගුරුවරයෙකු ලද ඉහළම හැකියාව "චැට්බොට්" කෙනෙකුට පහසුවෙන්ම ලබාගත හැකි බව බිග් ගේට්ස්ගේ අදහස වී තිබේ. එය අධ්‍යාපනය සඳහා තාක්ෂණය පෙර නොවූ විරූ ආකාරයෙන් යොදාගැනීමක් ලෙස බිල් ගේට්ස් හැඳින්වූයේ.

එමෙන්ම අධ්‍යාපනය සඳහා යොදාගත හැකි මෙම කෘත්‍රීම බුද්ධි මෙවලම් ඉදිරියේදී පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ දැරිය හැකි තත්ත්වයට පත්වනු ඇති බව ද බිග් ගේට්ස් සඳහන් කළේය.

පරිගණකය ඔස්සේ ලිවීමේ කුසලතා ප්‍රගුණ කිරීම දුෂ්කර වුවත් 'AI CHATBOTS' නැත්නම් පරිගණක කෘත්‍රීම බුද්ධි මෙවලම්වලට මිනිසාට මෙන් භාෂා වෙනස්කම් හඳුනාගත හැකි වීම විශිෂ්ට වර්ධනයක් බව බිල් ගේට්ස් හැඳින්වුයේය.(උපුටාගැනීමක්)