උසස් පෙළ ලියන සිසුන්ට අලුත් බලාපොරොත්තුවක් සමග සුභ ආරංචියක්..
විශ්වවිද්‍යාල, කලා උපාධි පාඨමාලා විෂයන් රැසක් රැකියා වෙළෙඳපොලට සරිලන පරිදි යාවත්කාලීන කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාගවන් මහතා සඳහන් කළේ, කලා විෂය ධාරාවන්ගෙන් උපාධි පාඨමාලා 314ක් ක්‍රියාත්මක බවයි.
එම උපාධි පාඨමාලාවල ගුණාත්මක බව පවත්වාගනිමින් වත්මන් රැකියා ලෝකයට සරිලන පරිදි අදාළ යාවත්කාලීන කිරීම් සිදුකරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
අදාළ යාවත්කාලීන කිරීම් ලබන වසර අවසාන වීමට පෙර සිදු කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වත්මන් සමාජයේ පවතින රැකියා ඉල්ලුමට සරිලන පරිදි වෘත්තිමය හා ප්‍රායෝගික හැකියාවන් වර්ධනය කර සිසුන්ට යහපත් අනාගතයක් නිර්මාණය කිරීම එහි අරමුණ බවයි.
මේ අනුව මෙය ඉදිරියේදී උසස් පෙළ කළා විෂය ධාරාව සඳහා පෙනී සිටින සිසුන්ට අලුත් බලාපොරොත්තුවක් සමග සුභ ආරංචියක් වනු ඇති.