හිටපු අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට.

Donald Trump United States of America
By krishani Apr 04, 2023 10:47 PM GMT
Report

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඊයේ (04) දින ඔහු අධිකරණය හමුවේ පෙනී සිටීමට නිව්යෝර්ක් නුවරට පැමිණ ඇති අතර ඒ 2016 ජනාධිපතිවරණයට පෙර අසභ්‍ය චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ය.

කෙසේවෙතත්, අධිකරණය හමුවේ පෙනී සිටීමට පැමණීමෙන් අනතුරුව එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

76 වියේ පසුවන ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ නඩුවකට මුහුණදුන් ඉතිහාසයේ පළමු හිටපු අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස සැලකෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join