මෙහෙයුමක් සඳහා මෙරට හමුදා නිලධාරීන් හා සෙබළ පිරිසක් ලෙබනනයට පිටව යයි..ප්‍රථම වරට කාන්තා කණ්ඩායමකුත් ඒ අතර..(VIDEO)
Lebanon
UN
Sri Lanka army
operations
Lebanin
By Sewvandhi
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකායේ මෙහෙයුම් සඳහා නිලධාරීන් සහ සෙබළුන් 75 දෙනෙකු ලෙබනනය බලා පිටත්ව ගොස් තිබේ.
ප්‍රථම වරට ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකායේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකාය නියෝජනය කරමින් එක් නිලධාරීනියක් සහ සෙබළියන් 07 දෙනෙකු ද සහභාගී වී ඇත.
මෙම භට පිරිස අවුරුද්දක කාලයක් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවලට අනුබද්ධිතව රාජකාරීවල නියැලීමට නියමිතය.
2010 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් ලෙබනනය තුළ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල රාජකාරී කටයුතුවල නිරත වී සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |