පොලිස් වෙස් ගෙන තරුණයෙකු පැහැරගත් යුද හමුදා සෙබළාට වැඩේ වැරදුනු හැටි.

Sri Lanka Army Sri Lanka Police Sri Lanka
By Wayomi Jun 29, 2023 07:25 AM GMT
Report

පොලිසියෙන් බව පවසමින් පුද්ගලයකු පැහැර ගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් පිටකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, යුද හමුදා සෙබළකු සහ සිවිල් පුද්ගලයෙකුයි.

කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකු පිටකොටුව බැස්ටියන් මාවත ප්‍රදේශයේ පා ගමනින් යමින් සිටියදී, ත්‍රිරෝද රථයකින් සැකකරුවන් දෙදෙනා පැමිණ තිබෙනවා.

පසුව අදාල තරුණයා සතුව මත්ද්‍රව්‍ය තිබේදැයි පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසා ඇති අතර තරුණයා ඊට විරෝධය දක්වා ඇත.