අවුරුදු 14ක් වයසැති බාලවයස්කාර දියණියට රුපියල් 100 බැගින් දී දූෂණය කල යුධ හමුදා සෙබළා ..! ඇග හිරිවැටෙන සංවේදී පුවත..

Sri Lanka crime Negambo army officer minor girl Ruwan lala dias
By Sewvandhi Apr 07, 2022 06:16 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

දහහතර හැවිරිදි ශිෂ්‍යාවක වූ තම ඥාති සොහොයුරියට අවශ්‍ය දෙයක් ගන්න යැයි දිනපතා රුපියල් 100 බැගින් ලබාදී පසුව ඇය නානකාමරය තුළදී දූෂණය කළ බව කියන යුද හමුදාභටයකුට එරෙහිව නීතිපතිවරයා විසින් මීගමුව මහාධිකරණ විනිසුරු ආර්.ඩී.ජී.පී. රත්නායක මහතා හමුවේ නඩු පවරා විත්තිකරුට (5 දා) අධිචෝදනා බාරදෙනු ලැබීය.

මෙම දූෂණය කිරිම 2019 අගෝස්තු 6 සිට එම සැප්තැම්බර් මස 21 වැනි දින දක්වා සිදුවූ බව පැමිණිල්ලේ සඳහන් වේ. මෙහි විත්තිකරු වන්නේ කටාන දකුණ කදිරාන පේෂකර්ම ගම්මානයේ අංක 5 පදිංචි විවාහක හමුදා සෙබළකු වූ වැලිගම ආරච්චන්ගේ රුවන් ලාල් ඩයස් නොහොත් රුවන් මාමා ( 35) නමැත්තෙකි.

පැමිණිල්ලේ සඳහන් පරිදි දැරියගේ මව විදේශ රැකියාවක් සඳහා ගොස් ඇත. ඇය වාසය කරන්නේ තම වයෝවෘද්ධ මිත්තනිය සමගය. එම නිවසේ ඇගේ තරුණ ඥාති සොහොයුරියක් වන අතර ඇය විත්තිකරුගේ බිරිඳ ය.

අතවරයට පත් ශිෂ්‍යාව අලුයම පාසල් යාමට සූදානම්වීම සඳහා නානකාමරයට යන අවස්ථාවේ එහි පැමිණි විත්තිකරු ඇගේ ශරීරය ස්පර්ශ කරමින් ඇගේ හැඟීම් පුබුදුවා ඇත

. ඊට අමතරව ඇය දිනපතා පාසල් යන පා පැදියේ රුපියල් 100 ක් රඳවා තැබීමට කටයුතු කර ඇත. ඉන් අනතුරුව දිනක් විත්තිකරු ශිෂ්‍යාව දූෂණයට ලක් කර පසුව දිගුකලක් ඇය දූෂණයට ලක්කර ඇත.

අධිචෝදනා භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවේ පසුවූ විත්තිකරු විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් විලියම් මහතා අධිකරණයෙන් කළ ඉල්ලීම අනුව විත්තිකරු රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් මත අත්අඩංගුවෙන් මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

රජයේ අධිනිතිඥ අනුශිකා ප්‍රනාන්දු මහත්මිය පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් විලියම් මහතා පෙනී සිටියේය. කටාන පොලිසියේ කොස්තාපල් (82685) උදය කුමාර මහතා පැමිණිල්ලට සහයවිය. වැඩිදුර විභාගය ජූලි 25 වැනිදා පැවැත්වේ . -ඩබ්ලිව්. කීර්ති-


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now