රැස්වීමක් මැද කුපිත වී පරුෂ වචනයෙන් බැන වැදුණු ඇමතිනී..!එම අවස්ථාවේ දර්ශන සහිතයි (VIDEO)
Sri Lanka
Trinco
Ariyavathi Galappaththi
political meeting
By Sewvandhi
උතුරු නැගෙනහිර කාන්තාවන් වෙනුවෙන් ධීවර සහයෝගීතා ව්‍යාපාරය සංවිධාන කළ කාන්තා දින සැමරුම් උත්සවයක් අද (28) ත්‍රිකුණාමලයේ දී පැවැත්විනී.
ඒ සඳහා නැගෙනහිර පළාත් සභා හිටපු ඇමතිනී ආරියවතී ගලප්පත්ති මහත්මිය ද පැමිණ සිටියාය.
එහිදී පැමිණි කාන්තාවන් රජයට එරෙහිව අදහස් දැක්වීමත් සමග ගලප්පත්ති මහත්මිය වැඩසටහනේ සංවිධායකයින්ට දෝෂාරෝපණය කර එම උත්සව සභාවෙන් පිටව යාම සුදානම් විය.
එම අවස්ථාවේ දී පැමිණි සිටි පිරිසගෙන් ඇයට විරෝධයක් එල්ල වූ අතර එයට කුපිත වූ ගලප්පත්ති මහත්මිය සභාවේ සියලුදෙනාට පරුෂ වචනයෙන් බැණවැදුණේය.
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |