මෙරට වැසියන්ට චීනයෙන් සතුටුදායි පුවතක්
චීන රජය විසින් මෙරට ආර්ථික හා සමාජීය සංවර්ධනයට අඛණ්ඩව සහාය දෙන බවට යළිත් සහතික වී තිබේ.
චීනයේ ටියැන්ජින් නගරයේ හෙට (27) සිට සිට ලබන 29 දක්වා පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ඇතුළු පිරිසක් චීනය වෙත ගොස් තිබුණි.
ඊට සමගාමීව විදේශ කටයුතු අමාත්‍යවරයා සහ චීන විදේශ අමාත්‍ය කියින් ගැන්ග් මහතා අතර බීජීං හිදි හමුවක් සිදුව තිබේ.
දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ සිට මේ දක්වා එකිනෙකාට ගරු කර සහයෝගය දක්වා බවත්, මිත්‍රශීලී හුවමාරු සහ ජයග්‍රාහී සහයෝගීතාව සම්බන්ධයෙන් දෙපාර්ශවයම ප්‍රගතිශිලි ආදර්ශයක් සපයා ඇති බවත් එම හමුවේදී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
රටේ ජාතික ස්වාධීනත්වයට සහ ආර්ථික සංවර්ධනයට චීන රජය සහ ජනතාව ලබා දෙන පරාර්ථකාමී සහය අගය කරන කරන අතර ණය ප්‍රශ්නය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය ඉතා ඉහළින් අගය කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා එහිදි ප්‍රකාශ කර තිබේ.