වෛද්‍යවරයාගේ කෑ ගැසීම ඇසී,ප්‍රදේශවාසීන් අත්බෝම්බ තියුණු ආයුධ සමග පැමිණි, කොල්ලකරුවන් අල්ලා ගස් බදී..

Hambantota Weerakatiya Madhamulana Kinchigune robers
By Sewvandhi Feb 19, 2022 08:57 AM GMT
Report

වීරකැටිය කිංචිගුණේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවකු අල්ලා ගස්බැඳ ආයුධ, අත්බොම්මබයක්, යතුරුපැදියක් සහ මුදල් ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වීරකැටිය, මැදමුලන, කිංචිගුණේ බටහිර පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් මංකොල්ලකෑමට 18 රාත්‍රිෙය් පැමිණි කොල්ලකරු සමග වෛද්‍යවරයා පෙරබැද ඇති අතර වෛද්‍යවරයාගේ කෑගැසීම නිසා එම ස්ථානයට පැමිණි ගම්වාසීන් කොල්ලකරු අල්ලා ගස් බැද වීරකැටිය පොලිසියට බාරදී ඇත.

කොල්ලකරු සතුව තිබූ විදේශීය රටක නිෂ්පාදික අත්බොම්මයක්, සෙල්ලම් පිස්තෝලයක්, මන්නා පිහියක්, උල්පිහියක්, කොල්ලකන ලද රුපියල් දස දහසක මුදලක්,කොල්ලය සදහා ඔහු පැමිණ තිබූ පල්සර් වර්ගයේ යතුරුපැදියක් ද පොලිස් බාරයට ගෙන ඇත.

පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන යන වෛද්‍යවරයා සිද්ධිය වීරකැටිය පොලිසියට පැමිණිළිකර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now