කතානායකට එරෙහිව අර්චුනා ජිනීවා යයි

Geneva Sri Lanka Politician Ramanathan Archchuna Sinhala news Breaking News
By Shehan Aug 14, 2025 02:45 PM GMT
Report

තමාගේ කතාවට බාධා කරමින් දින අටක් පාර්ලිමේන්තුවේදී මයික්‍රෆෝනය ක්‍රියාවිරහිත කර මාධ්‍යයට වාරණයක් පැන වීම හේතුවෙන් කථානායකවරයාට විරුද්ධව අන්තර් පාර්ලිමේන්තු සංගමයට (IPU) එළඹෙන 21 වන දින පැමිණිලි කරන බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ඔහු කියා සිටියේ කිසිදු හේතුවක් නැතිව දින ගණනාවක් තිස්සේ තමාගේ කතාවට බාධා කිරීම බරපතළ වරදක් බවත් මේ සම්බන්ධයෙන් මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ද පැමිණිලි කිරීමට තමා බලාපොරොත්තු වන බවයි. 

ඊට අමතරව දින 78 කාලයක් තමාට පාර්ලිමේන්තුවේදී කතා කිරීමට අවස්ථාව නොලැබුණු බවත් යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව උදෙසා හඬ නැගන තමාට කතා කිරීමට අවස්ථාව ලබා නොදීම යාපනය දිස්ත්‍රික්කයට කරන ලද බරපතළ අසාධාරණයක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඒ අනුව මේ පිළිබඳව අන්තර් පාර්ලිමේන්තු සංගමයට සහ ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර සාධාරණයක් බලාපොරොත්තු වන බව රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා සඳහන් කළා.