සියල්ලන් පුදුමයට පත් කරමින් ගැඹුරු පතලකින් සොයාගත් දේ - අවුරුදු 2,000කට වඩා පෞරාණිකයි. (PHOTOS)
Australia
By krishani
ඕස්ට්‍රේලියාවේ පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් සහස්‍ර දෙකකට (වසර 2,000) වඩා පැරණි සහ තවමත් එහි මුල් ලේස් සහිත ළමා සපත්තුවක් සොයා ගෙන තිබෙනවා
විදෙස් මාධ්‍ය සඳහන් කළේ එය ක්‍රි.පූ දෙවන සියවසට අයත් වන බවයි.
දැනට පවතින EU 30 (US 12) ට සමාන වන මෙම සම් සපත්තුව බටහිර ඔස්ට්‍රියාවේ Dürrnberg පිහිටි ස්ථානයෙන් සොයා ගන්නා ලදී.
මේ සම්බන්ධයෙන් ජර්මානු පතල් කෞතුකාගාරයේ පර්යේෂණ අංශයේ ප්‍රධානී මහාචාර්ය තෝමස් ස්ටෝල්නර් සඳහන් කළේ,
“Durrnberg හි අපගේ පර්යේෂණ ක්‍රියාකාරකම් මගින් මුල්ම කැණීම් කටයුතු විද්‍යාත්මකව ගවේෂණය කිරීම සඳහා දශක ගණනාවක් තිස්සේ වටිනා සොයාගැනීම් අපට සපයා ඇත. සොයාගත් සපත්තුවේ තත්ත්වය විශිෂ්ටයි.” යනුවෙන් ය.

