අරගලයේ සැබෑ තත්ත්වය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..

Galle Face Protest Gotabaya Rajapaksa Sri Lanka Politician Sri Lanka Economy of Sri Lanka
By Aruna Aug 10, 2023 12:04 AM GMT
Report

අරගලයේ’ බලාපොරොත්තු ඉටුවීම ගැන නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙළි වූ දේ ගාලුමුවදොර පිටියෙන් අරගලකරුවන් නික්ම ගොස් වසරක් ගතවුවද ‘අරගලයේ’ බලාපොරොත්තු ඉටු වී නොමැති බව මෙරට ජනතාවගෙන් සියයට 60 කගේ මතය යැයි ‘වෙරිටේ රිසර්ච්’ ආයතනයේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

එම ආයතනය සඳහන් කර සිටින්නේ, රට ගොඩගැනීමට නම් දූෂිත අයහපත් පාලනය නිවැරදි වියයුතු බවට මෙරට ජනතාවගෙන් සියයට 51 ක් විශ්වාස කරන බවත් රට යළි ගොඩගැනීමට නම් ආර්ථික ක්‍රමය වෙනස් කිරීම අවශ්‍ය බව සියයට 34 ක් පවසන බවයි.

ගාලුමුවදොර කේන්ද්‍රකරගෙන පැවති අරගල ව්‍යාපාරයට වසරක් සම්පූර්ණ වීමේ පසුබිමේ සිට රටේ ජනතාව අරගලයෙන් බලාපොරොත්තු වූ දේවල් ඉටුවීම, නොවීම සම්බන්ධයෙන් දරන අදහස් දැනගැනීමට කළ සමීක්ෂණයකදී මෙම තොරතුරු හෙළි වූ බව යි ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය සඳහන් කළේ.

අරගලය තුළින් ජනතාවගේ බලාපොරොත්තු, අභිලාෂයන් සහ සිතුම් පැතුම් ඉටු වූයේද, නැතිද, යැයි ඇසූ පැනයට බොහෝදුරට ‘නැත’ යැයි බහුතරයක් ජනතාව පිළිතුරු දී ඇති බවත් එම බලාපොරොත්තු, අභිලාෂයන් සහ සිතුම් පැතුම් බොහෝදුරට ඉටුවූයේ යැයි සියයට 11 ක් ද, සියටය 29 ක් අදහසක් ප්‍රකාශ කර නොමැති බවත් එම ආයතනය පැවසුවා.

‘වෙරිටේ රිසර්ච්’ ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ, රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන පරිදි තෝරාගත් වැඩිහිටි ශ්‍රී ලංකා පුරවැසියන් 1,008 දෙනෙකුගේ නියැදියක් පදනම් කරගෙන මෙම සමීක්ෂණය කළ බවත් අදාළ දත්ත මෙම වසරේ ජූනි මස එකතු කළ බවයි.