වහාම ආරක්ෂිත ස්ථානයකට යන්න - එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න..
Department of Meteorology
Weather
Latest Headlines
By krishani
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවය.
උතුරු අක්ෂාංශ 06ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 55ත් 70ත් යන ප්‍රදේශයේ පැයට කිලෝමීටර් 70 - 80ත් අතර තද සුළං පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.