අප්‍රේල් 03 පාරට බහින්න එපා..පාරට බැස්සොත් 04 වෙනිදා වෙනදේ මෙන්න.. අතිශය භයානක ඉරණමක්!!!.

Sri Lanka Political Kusal perera Keheliya rabukwella Ranga kalansuriya
By Aruna Mar 31, 2022 08:43 AM GMT
Report

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ රාජපක්ෂවරුන්ට එරෙහිව අප්‍රේල් 03 වනදා මිනිසුන් පාරට බැස්සීමට කරන යෝජනාව ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා පවසන්නේ, මෙවැනි වගකීම් විරහිත, නිර්නාමික වෘෂභ කැඳවීම් බෙදා හරින්නටවත් හවුල් නොවන ලෙසයි.

03 වනදා පාරට බැස්සායින් පසු 04 වනදා සිදුවන්නේ කුමක්දැයි නොදන්නා අරාජික කැඳවීම් රටටත් ජනතාවටත් අකාර්යක්ෂම, අසාර්ථක ආණ්ඩු පාලන වලට වඩා අතිශය අවදානම් බව ඔහු අවධාරණය කර සිටියි.

මෙරට ප්‍රවීන දේශපාලන විශ්ලේෂකයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන කුසල් පෙරේරා සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සඳහන් කර ඇත.

අප්‍රේල් 03 පාරට බහින්න එපා..පාරට බැස්සොත් 04 වෙනිදා වෙනදේ මෙන්න.. අතිශය භයානක ඉරණමක්!!!. | April 3Day

(දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා)

''අප්‍රේල් 03 ආණ්ඩුව ගෙදර යවන්න රටම පාරට බහිනවා කියලා හැමෝටම එන්නලු.

මෙහෙම FB එකේ සහ Whatsapp කණ්ඩායම් හදාගෙන හැංගිලා ඉඳගෙන කරන නිර්නාමික කැඳවීම් වලට මම සහභාගි නොවෙමි.

අනෙක් හැමෝටමත් මේ ලණුව නොකන්න යැයි කියමි. වගකීම් බාර ගන්න කිසිවකු නැති, මේ වගේ ඔලමොට්ටල විරෝධතා මගින් ආණ්ඩු ගෙදර යවන්න බැහැ.

මේ ආණ්ඩුව ගෙදර යැව්වා කියලා හිතමු පොඩ්ඩකට, ඊළඟට එන ආණ්ඩුව මොකාගේ ආණ්ඩුවක්ද?

කවුරු හරි කල්ලියක් අපි තමයි ආණ්ඩුව කියලා ආවොත් මොනවා කරයිද?

03 වනදා පාරට බැස්සායින් පසු 04 වනදා සිදුවන්නේ කුමක්දැයි නොදන්නා අරාජික කැඳවීම් රටටත් ජනතාවටත් අකාර්යක්ෂම, අසාර්ථක ආණ්ඩු පාලන වලට වඩා අතිශය අවදානම්ය.

එනිසා මෙවැනි වගකීම් විරහිත, නිර්නාමික වෘෂභ කැඳවීම් බෙදා හරින්නටවත් හවුල් නොවන්න.''

(කුසල් පෙරේරා මාර්තු 30)

ප්‍රවේසමෙන් ! - ඛේදවාචකයක් විය හැකියි - නාරද බක්මීවැව

මේ අතර ජනප්‍රිය නිවේදකයකු හා කලා ශිල්පියකු වන නාරද බක්මීවැව සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබේ.

අප්‍රේල් 03 පාරට බහින්න එපා..පාරට බැස්සොත් 04 වෙනිදා වෙනදේ මෙන්න.. අතිශය භයානක ඉරණමක්!!!. | April 3Day

(නාරද බක්මීවැව)

''තැන තැන දේශපාලන මගපෙන්වීම් වලින් තොර ජන විරෝධයන් මතු වීමේ ප්‍රවණතාවයක් ඇති වෙමින් තිබේ.

ඒ තරමටම ජනතාවගේ පීඩනය උත්සන්න වී තිබේ. මේවායේ ඇරඹුම සහ අවසානය පිළිබඳව වග කියන්නට කිසිවකු නැත.

විරෝධයට එකතු වන ජනතාවගේ ජීවිත වෙනුවෙන් පෙනී සිටින්නට මේ ස්ථාන වල නායකයින් නැත.

මෑත ලෝක ඉතිහාසයේ එලෙස ඇරඹුන සටන් අවසන් වී ඇත්තෙ ඛේදවාචක වලිනි.

නැති නම් රටවල් අරාජික වීමෙනි. එසේත් නැතිනම් කොහේවත් නැති එකෙකු පැමිණ මෙම සටන් හයිජැක් කිරීමෙනි.

නැතහොත් අවසානයේ මිලිටරි පාලනයක් දක්වාම මේවා පැතිර යාමේ ඉඩ කඩ පවතී.

එලෙස සැළසුම්සහගත නොවන ලෙස පහුගිය කාලයේ තාප්ප වල සිතුවම් ඇඳි තරැණ කණ්ඩායම් කොහේදැයි කව්රැවත් දන්නේද නැත.

ඔවුන් කල දේ ප්‍රතිඵලයක්ද නැත. ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් නැවත එකතු වන්නට ඔවුන් සංවිධානගත වීද නැත.

එවන් වටා පිටාවක නැවත පරාජය වන්නේ පීඩනයට පත් අපමය.

එනිසා ඔබ දේශපාලන පක්ෂ වලට අකමැති නම් ශක්තිමත් නායකත්වයක් සහිතව සිවිල් සංවිධානයක් හෝ පිහිටුවාගෙන මෙම විරෝධතාවයන් සමග එකතු වෙන ලෙස යෝජනා කරමි.

රටේ දේශපාලන නායකයිනි, දෙවියන්ගෙ නාමයෙන් බේද පසෙකලා ජනතාව තුළින් මොදු වෙමින් තිබෙන මේ විරෝධයන්ට පොදු දේශපාලන මැදිහත් වීමක් නොකලහොත් මේ රට තවත් අගාධයට යනු ඇත.

'අයාලේ යන විරෝධතා බොහොම භයානකයි' - රංග කලන්සුරිය

මෙම කරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කළ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රංග කලන්සුරිය පහත දැක්වෙන සටහන සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇත.

අප්‍රේල් 03 පාරට බහින්න එපා..පාරට බැස්සොත් 04 වෙනිදා වෙනදේ මෙන්න.. අතිශය භයානක ඉරණමක්!!!. | April 3Day

(රංග කලන්සුරිය)

''මිනිස්සු තමන්ගෙ විරෝධය පාන්න තැන තැන රැස්වෙන එක දැන් වලක්වන්න බැහැ.

හැබැයි ශක්තිමත් දේශපාලන නායකත්වයක් නැතුව අයාලේ යන විරෝධතා බොහොම භයානකයි.

ලිබියාවට, ඊජිප්තුවට, ටියුනීසියාවට විතරක් නෙමෙයි සිරියාවට උනෙත් ඕක.

ඒ නිසා දේශපාලන කදවුරුවල හිර නොවී ජාතික නායකත්වයක් (එක නායකයෙක් නෙමෙයි) අද රටට අත්‍යවශ්‍යයි.''

'හෙට වෙන දේ මම දන්නේ නැහැ. බයයි' -කෙහෙලිය මේ අතර හිටපු ජනමධ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුක්වැල්ල මෙසේ පවසයි.

''හෙට වෙන්නේ මොකද්ද කියලා මම දන්නෙත් නැනැ. දැන් යන්නෙත් බයෙන් ..

රටේ දැනට පවතින තත්වය ඉතාමත් අභියෝගාත්මකයි.

මේ තත්වය ගැන මැනවින් සිතිය යුතුයි.

අමාත්‍ය වරයා එසේ පැවැසුවේ මාතලේ දිස්ත්‍රික් මහ රොහලේ ඔක්සිජන් වායු උප්පාදන ඒකකයක් ආරමිභ කිරිමේ උත්සවය අවසන් කොට පැවැති මාධ්‍ය හමුවේ දිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now