බස් ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය..! වැඩිවෙන්නේ මෙහෙමයි..ප්‍රවාහන ඇමතිගෙන් ප්‍රකාශයක්..!

Parliament Bus Dilum Amunugama Cabinet bus fare
By Sewvandhi Mar 14, 2022 03:46 PM GMT
Report

අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සහ පෞද්ගලික බස් රථ ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා.

මෙම නව මිල සංශෝධනයේ දී සෙසු මගී ප්‍රවාහනය සිදු කෙරෙන විවිධ වර්ගවල බස් සේවාවල ද ගාස්තු සියයට 15කින් ඉහළ දැමීමටයි කැබිනට් අනුමැතිය හිමි වුණේ.

බස් ගාස්තු අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීම සහ රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කෙරෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම පස්වරුවේ ආරම්භ වූ අතර, එය පැවැත්වුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදියි.

එහිදීයි, අදාළ බස් ගාස්තු ඉහළ නැංවීමට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමත කෙරුණේ. ඉහළ දමන ලද බස් ගාස්තු පිළිබඳ ලේඛනයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් නිකුත් කෙරුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now