සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවයි
2024 (2025) අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද (14) සිට ජූලි 28 වන දින දක්වා සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එසේම, දේශීය හා විදේශීය භාවිතය සඳහා මෙම විභාගයේ සහතික පත්‍ර ලබා ගැනීම සඳහා 2025 ජූලි 14 වන දින (අද) සිට මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.
විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ, සියලුම පාසල් අයදුම්කරුවන්ගේ මුද්‍රිත කේවල ප්‍රතිඵල ලේඛන අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලබා දෙන බවත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ මුද්‍රිත කේවල ප්‍රතිඵල ලේඛන එම අයදුම්කරුවන් වෙත කෙලින්ම ලබා දෙන බවත්ය.
මෙම ප්‍රතිඵල ලේඛන නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කිරීමට නියමිත බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.