හැමෝම පුදුම කරමින් ලඟදීම වෙළඳපොලට එන ‘Apple සමාගමේ සුපිරි මෝටර් රථය මෙන්න..

Electric Vehicle
By Aruna Oct 22, 2022 07:33 AM GMT
Report

තාක්ෂණික හඹායෑම් එක්ක ඉදිරි ලෝකය ජය ගැනීම සඳහා විවිධ පුද්ගලයන් හා සමාගම් සූදානම් වීම අද වන විට නිතර දකින්න පුළුවන් දෙයක්.

ඒ නිසාම නවීන සොයා ගැනීම් හා නවෝත්පාදන දෛනිකව එළිදැක්වීම් තාක්ෂණික ලෝකයේ නිරන්තරයෙන් සිද්ධ වෙනවා.

ඉතින් එලෙස සිදුවන නවතම නවෝත්පාදනයක් විධියට Apple සමාගමේ ඇපල් සන්නාමය යටතේ කරළියට එන. Self-driving car එක ‘Apple iCar 2025’ හඳුන්වන්න පුළුවන්.

Apple හි සම-නිර්මාතෘ හට පවා එකල iCar එකක් නිර්මාණය කිරීමට අවශ්‍ය වූ බව පැවැසෙනවා.

එය වසර ගණනාවක් ඇපල් සමාගමට තිබූ වුවමනාවක් වුණත් මෝටර් රථයක් සෑදීමට සමාගම දක්වන උනන්දුව වෙන කවරදාටත් වඩා මේ මොහොතේ වැඩි බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.

කෙසේ වුවත් එහි ප්‍රතිඵලයක් විධියට වසර ගණනාවක් Apple සමාගම සතුව පැවැති සිහිනයක් වන ස්වයං පාලනය (Self driving) සහිතව, AI තාක්ෂණයෙන් යුත් Apple ජචප සංකල්පය නුදුරු අනාගතයේම නවතම ඇපල් නිෂ්පාදිතය ලෙස කරළියට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඇපල් පාරිභෝගිකයන්ට වගේම ඇපල් මෝටර් රථය කෙරෙහි උනන්දුව දක්වන සියලු පාර්ශ්වයන්ට ඉදිරි වසර දෙක තුන ඇතුළත මෙහි ගමන් කිරීමේ හැකියාව උදා කිරීම සඳහා තමයි Apple සමාගම මේ මොහොතේ කටයුතු කරමින් ඉන්නේ.

කෙසේ වෙතත් Apple සමාගම මෙහි නිෂ්පාදන කටයුතු තවමත් රහසේ තබා ගනිමින් සිදුකරන බව තමයි පැවැසෙන්නේ.

Project Titan ලෙස හඳුන්වන Apple Car එකට තවමත් නිල නමක් හෝ පෙනුමක් නැහැ.

නමුත් Apple සමාගම මඟින් සිය පරිශීලකයන්ට කවදත් ගුණාත්මක දේ පමණක් ගෙන එන නිසා Apple මෝටර් රථයත් අඩු ගුණාත්මක බවකින් යුක්ත නොවන බව අපට කල් ඇතුවම අනුමාන කරන්න පුළුවන්.

ඒ වගේම තමයි Apple සන්නාමගත අයිතමය කුමක් වුවත් මිලත් කොලිටිය තරමටම ඉහළ නිසා මෙම මෝටර් රථය සඳහා ඉහළ මිලකුත් අපට අපේක්ෂා කරන්න පුළුවන්.

iPhone, Apple Watch, MacBook, ආදිය වෙළෙඳපොළේ ඇති සාමාන්‍ය නිෂ්පාදිතයන්ට වඩා බොහෝ දුරස් වන අතර, බොහෝ අය Apple නිෂ්පාදන තෝරා ගැනීමට පෙලඹෙන්නේ ඒවායේ මිල ගණන් නිසාම නෙමෙයි.

ඒවා වෙනස් වගේම යුනික් නිසා. ගුණාත්මකභාවය සහ සන්නාම පක්ෂපාතීත්වය (Brand loyalty) යන කාරණාත් ඒ යුනික්ස් එක නිසාම ඇපල් සන්නාමය වටා ගොඩනැඟිලා තියෙනවා.

ඒවා ඇපල් සමඟ පාරිභෝගිකයන් රැඳී සිටීමට විශාලතම හේතූන් බවටත් පත්වෙලා තියෙනවා.

ඉතින් ඒ ගුණාත්මකභාවය සහ සන්නාම පක්ෂපාතීත්වය ඇපල් මෝටර් රථයේත් නොමඳව තියේවි කියන එක තමයි ඇපල් සමාගම තමන්ගේ පාරිභෝගිකයන්ට පවසන්නේ.

මෙම අවස්ථාවේ වෙළෙඳපළ තුළ පවතින අනෙකුත් සෑම වාහනයකටම වඩා ස්මාර්ට්, ආරක්ෂිත සහ පරිශීලක-හිතකාමී (User-friendly) ආකාරයට මෙම මෝටර් රථය නිර්මාණය වෙනවා.

එසේම First class material එකක් එක්ක මෝටර් රථයේ නිෂ්පාදන කටයුතු කිරීමට නියමිත බවත් ඇපල් සමාගම පවසනවා.

නිරීක්ෂණයන්ට හා පරීක්ෂණයන්ට අනුව අනුව ලෝකයේ වර්තමාන රියැදුරන්ගෙන් 26%ක් වත් Apple මෝටර් රථයක් මිලදී ගැනීමට අනිවාර්යෙන්ම උනන්දුවක් දක්වන බව ගණන් බලා තිබෙනවා.

ඒ නිසා කොයිතරම් ගුණාත්මක වුවත් දැරිය හැකි පිරිවැයකට මෝටර් රථය මිල කරනු ඇතැයි කියලත් එක පැත්තකින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මොකද හොඳ ඉල්ලුමක් තියෙනකොට ඒ ඉල්ලුමට සාපේක්ෂව විකුණුම කරගන්න නම් සෑම විටම ඒ ඉල්ලුම්කරුවන්ට නම්‍යශීලී වෙන මිල මට්ටමක් පවත්වා ගන්න ඕනම සමාගමක් උනන්දු වෙන නිසා.

පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සමාගමක් මෝටර් රථ කර්මාන්තයට ව්‍යාප්ත වීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි.

නමුත් ඇපල් කාර් එක කියන එක දැනට නම් ලෝකයේ බහුතරයට පුදුමය දනවන නිර්මාණයක්.

උසස් ආරක්ෂණ විශේෂාංග (Advanced security features) එක්ක වර්තමානයෙහි පවතින අනෙකුත් සෑම වාහනයකටම වඩා ස්මාර්ට් ලෙස මෙහි නිෂ්පාදන කටයුතු සිදුකරන්නත් ඇපල් සමාගම පියවර අරගෙන තියෙන නිසා ඒක කොහොමත් සාමාන්‍ය නිෂ්පාදිතයකට එහා ගිය wow product එකක් වෙයි.

කොහොම වුණත් ඇපල් සමාගමේ මේ ව්‍යාප්තියට අදාළව රියැදුරන් 10 දෙනකුත් Lamborghini සමාගමේ හිටපු විධායකයකුත් නිෂ්පාදන කටයුතු සිදු කිරීම සඳහා කුලියට අරගෙන ඇති බව තමයි ආරංචි වෙන්නේ.

Apple මෝටර් රථයෙහි එන නවීන විශේෂාංග මොනවද කියන එක කාටවත් කලින් ගවේෂණය කරන්න බැහැ.

ඒක බලාගන්න පුළුවන් වාහනේ ආව දවසට තමයි.

හැබැයි ස්මාර්ට් මෝටර් රථ කියන ඒවා දැනටමත් මාර්ගවල දකින්න ලැබෙන නිසා, ඒවායෙහි එන්නා වූ සියලු පහසුකම්වලින් සමන්විත හා ඊටත් ඉහළ තාක්ෂණයකින් Apple හි මෝටර් රථය නිර්මාණය වෙයි කියන එක නම් හිතන්න පුළුවන්.

ඒ වගේම කාර් එකේ සියල්ල පාලනයට මධ්‍යගත (centralized) OS එකක් එන බවත් කල්තියා අනුමාන කරන්න පුළුවන්.

මෝටර් රථයෙහි එන AI තාක්ෂණය බලගැන්වෙන්නේ කෙසේද?

MacRumors ට අනුව සංවර්ධනය වෙමින් පවතින ප්‍රොසෙසරය Apple හි අනෙකුත් නිෂ්පාදනවල භාවිත කරන ප්‍රොසෙසරය මතම පදනම් වෙන්න පුළුවන්.

Apple සමාගම කොරියානු OSAT සමාගමක් සමඟ මෝටර් රථයේ චිප් මොඩියුල සහ පැකේජ Develop කරමින් සිටින බවයි ආරංචි වෙන්නේ.

ඒ වගේම patentlyapple.com විසින් මේ සඳහා 2021 අග භාගයේදී පේටන්ට් බලපත්‍රයකුත් ලබාගෙන තිබෙන බව තමයි ආරංචියි.

ඒ තුළ vehicle speed එක, ඉදිරියට එන වාහනවල තත්ත්වය, drive In mode එකේ ඇති විට අනතුරු ඇඟවීම් සහ මෝටර් රථය තුළ ඇති අනතුරු ඇඟවීමේ පද්ධති කියන කාරණා සියල්ල ඇතුළත් වෙනවා.

ඒ වගේම ඉදිරි කාලගුණය, (weather condition), අවට මාර්ග තදබදය ආදිය පිළිබඳව අමතර තොරතුරුත් එහි ඇතුළත් වෙනවා.

පෙර-ඇණවුම් (Pre Orders) Apple Car සඳහා වන පෙර-ඇණවුම් එහි සැබෑ නිකුතුවට වසරකට පෙර හෝ ඊට වැඩි කාලයකට පෙර ආරම්භ වෙන්න පුළුවන්.

මොකද Tesla, Canoo, සහ Aptera වැනි සියලුම ඊළඟ පරම්පරාවේ වාහන නිෂ්පාදකයන් වුණත් වාහනය මාකට් කරනකොට මීට පෙර මෙම Pre Orders උපක්‍රමය භාවිත කළා.

ඒ නිසා ඇපල් සමාගමත් එහෙම කරයි කියන එක තමයි බහුතරයකගේ මතය වෙන්නේ. Self-driving Apple සමාගම මෙම මෝටර් රථය සම්පූර්ණයෙන්ම autonomous කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

ඔබ මෝටර් රථ ගැන හොඳට දැනුවත් කෙනෙක් නම් ඔබ දන්නවා ඇති, මෙය SAE 5 වැනි මට්ටම ලෙස තමයි හ¾දුන්වන්නේ.

සරලවම fully autonomus වාහනයක් හදනවා කියන එකේ අදහස පැඩල් සහ සුක්කානමක් නොමැතිව වාහනය නිර්මාණය කරනවා කියන එක.

එමඟින් තමයි ඔවුන් වාහනය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රියකරණයට ලක් කරන්න බලාපොරොත්තු වෙන්නේ.

කොහොම වුණත් මේක හොඳ අදහසක් වුණත් එක පැත්තකින් ලොකු රිස්ක් එකක්.

මොකද fully autonomus එකක් හදලා පොඩි තැනකින් හරි ඒක ෆේල් වුණොත් බොහෝවිට සමස්ත නිෂ්පාදිතයම මාකට් එකේදී පාරිභෝගිකයන් අතින් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්.

ඒ නිසා මම නම් හිතන්නේ fully autonomus වාහනයක් හදනවාට වඩා ඉඥථඪ-චභබධනඪතධබ වර්ගයේ සාමාන්‍ය රථයක් හෝ ඊට වඩා තරමක් හොඳ මෝටර් රථයකින් මේ ඇපල් කාර් කියන සංකල්පය ආරම්භ කරන එක වඩාත් සාර්ථකයි.

ලෝකයේ බොහෝ සමාගම් කර ඇති දේම අනුගමනය කිරීම වඩාත් තර්කානුකූලයි.

Apple Car සඳහා වන ආසන සංකල්පය සංචාලනය එහෙමත් නැත්නම් Navigation, සංගීත වාදනය, වාහන පාලනය යනාදිය සඳහා සහාය දක්වන්න මෝටර් රථයේ ඉදිරිපස ආසන දෙක අතර විශාල screen එකක් (සංදර්ශකයක්) බොහෝවිට දැකගන්න පුළුවන් වේවි.


ඒ වගේම මෝටර් රථයේ dashboard එක බොහෝ දුරට iPad එකකට සමාන වනු ඇති බවත් ලැබෙන ආරංචි අනුව අපිට guess කරන්න පුළුවන්.

බොහෝදුරට ඒක iPad එකක්ම වෙන්නත් පුළුවන්.

එය බොහෝ විට Apple Maps, Apple Music, Siri, ආදිය සමඟ iPad OS හි නවීකරණය කරන ලද අනුවාදයක් ලෙස ධාවනය කරනු ඇති බව තමයි බොහෝ අයගේ මතය වෙන්නේ.

ආරක්ෂාව ස්වයංක්‍රීය රිය පැදවීමකට පූර්ව අවශ්‍යතා කිහිපයක් ඇතුළත් වන අතර එමඟින් මෝටර් රථය ස්මාර්ට් නොවන මෝටර් රථයකට වඩා කොහොමත් ආරක්ෂිත වෙනවා.

මංතීරු මධ්‍යගත කිරීම, (Lane Centering), ස්වයංක්‍රීය තිරිංග සහ අඳුරු ස්ථාන ඇඟවීම් වැනි විශේෂාංග ලබාදී තිබෙන නිසා, Apple විසින් තම මෝටර් රථය මාර්ගයේ අනෙකුත් වාහනවලට වඩා ආරක්ෂිතව ගමන් කළ හැකි පසුබිම දැනටමත් සකසා තිබෙනවා.

ඒ වගේම AppleInsider වාර්තා කරන්නේ Apple සමාගම විසින් සිය පාරිභෝගිකයන් දිගු මාර්ග සංචාරවල යෙදෙන විට මුහුණ දෙන රිය පැදවීමේ තෙහෙට්ටුවෙන් ගලවා ගැනීම සඳහා අති සුවිශේෂී ආරක්ෂිත පියවර කිහිපයකුත් මේ මෝටර් රථයට ඇතුළත් කරන බව Wireless charging වාහනය චාර්ජ් කරන විධිය ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් අප එදිනෙදා භාවිත කරන iPhone සහ iPad සඳහා වූ රැහැන් රහිත ආරෝපණය මෙම මෝටර් රථයටද ඇතුළත් වේවි කියලා හිතන්න පුළුවන්.

නමුත් මුළු මෝටර් රථයම රැහැන් රහිතව Wireless charging කිරීම ගැන එකවරම හිතාගන්නත් බැහැ.

ඒ නිසා හොඳම දේ තමයි මේක එළියට දානකන් කුතුහලයෙන් මේ වැඩේ වෙන්නෙ කොහොමද කියලා බලාගෙන ඉන්න එක.

වෙනත් විශේෂාංග FaceTime සහ iMessage හි ස්වභාවය සැලකිල්ලට ගනිමින්, එහි මෝටර් රථයද ඒ හා සමානව ක්‍රියා කරනු ඇතැයි සිතන්න පුළුවන්.

iPad දර්ශන තලය මඟින් හෝ iCar messaging system එකක් මඟින් මාර්ගයේ අනෙකුත් Apple මෝටර් රථ රියැදුරන් සමඟ සන්නිවේදනය කිරීමට හැකියාවකුත් තියේවි කියලා තමයි ඇපල් සමාගම නම් කියන්නේ.

එලෙසම, Apple Watch සහ iPhones මෝටර් රථ‍යේ අගුළු ඇරීමට හැකි මෙවලම් ලෙසත් ඔබට භාවිත කරන්න පුළුවන් Mark Gurman කියන විධියට නම් ඇපල් මෝටර් රථය පාලනය කිරීමට සහ නිරීක්ෂණය කිරීමටත් ඔබේ iPhone එක භාවිත කරන්න පුළුවන්.

කෙසේ වුණත් අනෙකුත් සෑම වාහනයකටම වඩා ස්මාර්ට්, ආරක්ෂිත, පරිශීලක-හිතකාමී (User-friendly) සහ First class material සමඟින් ඇපල් මෝටර් රථය නුදුරේදීම එළිදකීවි.

එතකන් අපි බලාගෙන ඉමු. කුතුහලයෙන් දෑස් දල්වා ගමු.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery