රහසිගත තොරතුරු එළියට යෑම වැළැක්වීමට Apple සමාගම ගත් විශේෂ පියවර..!

Apple Microsoft
By Sewvandhi May 21, 2023 09:27 AM GMT
Report

Apple ආයතනය තම සේවක මහතුන් වෙතට උපදෙස් දෙමින් සිටින්නේ generative AI ආකාරයේ tools එනම් ChatGPT සහ GitHub Copilot වැනි භාවිතා වලින් වැලකී සිටින ලෙසටයි. 

එසේම දැනටමත් Samsung ආයතනයද තම සේවක මහතුන් වෙතට උපදෙස් දී ඇත්තේ generative AI chatbots භාවිතාවෙන් වලකින ලෙසටයි.

Apple ද තම උපදෙස් වලට හේතුව ලෙසට දක්වා සිටින්නේ ආයතනයේ රහසිගත තොරතුරු භාහිරට විවෘත වීමකට එය මගක් විය හැකි බවකි.

හදාරන්නන් පෙන්වා දෙන්නේ Apple තම ප්‍රථිවාදියෙකු වන Microsoft හිමිත්වය ඇති GitHub වැනි භාවිතාවන් සමග තම සේවකාරාදීන් software development වැනි කටයුතු ස්වංක්‍රීය කරනයකට යාම ඔස්සේ තම secret Apple code ඔවුන් අතට පත්වීමේ අනතුර දැකීම විය හැකි බවයි.

මේ වන විට Apple ආයතනයද තමන්ගේම generative AI නිමැවුමක් සදහා කටයුතු කරමින් සිටින බවටත් වාර්ථා වනවා.

මේ වන විට සියළුම පාහේ ප්‍රධාන තොරතුරු තාක්ෂණ ආයතනයන් තමන්ගේම generative AI නිකුතුවකට දැනටමත්ම ගොස් තිබෙනවා හෝ කඩිනමින් සූදානම් වීමක් කරමින් සිටින අතර එලබෙන මාසයට නියමිත Apple ලාගේ WWDC developer conference වලදී මේ පිලිබඳව නිවේදනයක් සිදුවෙනු ඇති බවට බලාපොරොත්තුව වෙමින් තිබෙනවා.

Pubudu Siriwansa Apple අනෙකුත් generative AI ආකාරයේ tools තහනම් කරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now