ලිංගික උත්තේජන ඖෂධ භාවිතය නිසා සිදුවන දේ..
ලිංගික උත්තේජන ඖෂධ භාවිත කිරීමෙන් සිදුවන මරණවල ඉහළයෑමක් නිරීක්ෂණය වී ඇති බව කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක, නීතිඥ ඉරේෂා දේශානි සමරවීර පවසයි.
ඇයගේ ප්‍රකාශය පහතින්,
"හිතුමතේ ලිංගික උත්තේජන ඖෂධ භාවිත කිරීම හේතුවෙන් සිදුවන පුද්ගල මරණවල වැඩිවීමක් අපි දකිනවා.මේ මරණවලට ප්‍රධාන හේතුවෙලා තිබුණේ, ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාගැනීම, මාත්‍රාව නොදැන ලබාගැනීම සහ වෛද්‍ය උපදෙස්වලින් තොරව මෙවැනි ඖෂධ භාවිත කිරීම.
මේ තත්ත්වයට යොමුවෙලා තිබුණේ වයස අවුරුදු 20-25 කාණ්ඩවල අයත් වයස අවුරුදු 40-45 කාණ්ඩවල අයත් තමයි.බොහෝ තරුණයින් මෙම ලිංගික උත්තේජන ඖෂධ භාවිත කරලා තිබුණේ අත්හදාබැලීම් සඳහා.මාසෙකට සිද්ධි දෙකක් තුනක් වගේ වාර්තා වුණා. එය ඇත්තටම ඉහළ අගයක්. ඒ නිසා මේ ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න වෙනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |