මෙරට යූ ටියුබ් චැනලයක් ප්‍රථම වරට වාර්තාවක් තබයි..අදහාගත නොහැකි ආදායමක් උපයයි..
Youtube
Sri Lanka
Sri Lanka Social Media
By Aruna
නව ජාත්‍යන්තර සමීක්ෂණයකට අනුව ශ්‍රී ලාංකික යූ ටියුබ් නාලිකාවක් වන "Ape Amma" මෙරට වැඩිම ආදායමක් ලබන යූ ටියුබ් නාලිකාව බවට පත්ව තිබෙනවා.
‘අපේ අම්මා’ අන්තර්ජාල දැන්වීම් ආදායමෙන් පමණක් ඇමෙරිකානු ඩොලර් 962, 386ක් උපයනු ලබන බව එම සමීක්ෂණ සිදුකළ ආයතනය දක්වා තිබේ.
ආහාර සැකසීම ඇතුළු අන්තර්ගතයන් බෙදා ගන්නා ‘අපේ අම්මා’ යුටියුබ් නාලිකාව ආසියාවේ ඉහළම ආදායමක් ලබන යූ ටියුබ් නාලිකා අතර ප්‍රමුඛස්ථානයේ ද පසුවේ.
මේ අතර වැඩිම ආදායමක් ලබන ලොව අංක 01 යුටියුබ් නාලිකාව ලෙස ආදායම් වාර්තා අතරින් ඉහලම ස්ථානයේ පසුවන්නේ අමෙරිකානු ළමා යු ටියුබ් නාලිකාවක් වන "Cocomelon" ය.
එහි ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 282.8ක් ලෙස සටහන්ව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

