ඉන්දියාවේ ප්‍රසිද්ධ නිළියක් සියදිවි නසා ගනියි - රසිකයින් රැසක් කම්පනයට පත් වෙලා.. (PHOTOS)

India Indian Actress Death Tamil Actress
By krishani Sep 03, 2023 11:28 AM GMT
Report

ඉන්දියාවේ මොලිවුඩ් සිනමාවේ ප්‍රසිද්ධ නිළියක් වන අපර්ණා නායිර් සියදිවි නසා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30ට පමණ තිරුවානන්තපුරම් ප්‍රදේශයේ ඇයගේ නිවසේ නිදන කාමරය තුළ ගෙල වැලළාගෙනයි.

එම අවස්ථාවේ ඇයගේ මව සහ සොහොයුරිය නිවසේ සිට ඇති බව වාර්තා වේ.

මිය යන විට ඇය 33 වැනි වියේ පසු වූ අතර අපර්ණාගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ වන විට ඥාතීන්ගෙන් සහ ඇයගේ සමීපතමයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අපර්ණා සෑම විටම සැමියා සහ දියණියන් දෙදෙනා සමඟ සතුටින් සිටින බව හැඟවෙන දෑ සමාජ මාධ්‍ය තුළ පළ කර තිබෙනවා.

මේ අතර අවසන් වරට ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඇය පළ කර ඇත්තේ ඇයගේ සැමියාගේ නම සඳහන් කරමින් "මගේ ශක්තිය" යනුවෙන් ය.

ඇය මලයාලම් සිනමාවේ මෙන්ම මාලයාලම් ටෙලි නාට්‍ය රැසකට ද රංගනයෙන් දායකත්වය දක්වා ඇත.

ඇයගේ මෙම හදිසි මරණයෙන් රසිකයින් කම්පනයට පත් ව ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

GalleryGalleryGalleryGallery