"..අනූෂට ගොඩක් දේවල් අමතක වෙනවා.." සුරූපී නිළි අනූෂගේ අත ගත්ත අමිල උණු උණුවේ මාධ්‍යට කියන කතාව - (PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sewvandhi Nov 18, 2022 04:55 PM GMT
Report

රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් විදියට අපේ සිනමා ටෙලි තිරය තුළ නිතර දකින්නට ලැබුණු අනූෂා දමයන්ති කියන්නේ. ඇගේ ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහලින්ම ලැබුණු චිත්‍රපට විදියට රාගයේ උණුසුම, කොටි සනා, වියරු ගැහැණියක්, අක්කයි නන්ගියි, සිකුටු යෝගය, සිංග මචං චාලි, නෝනේ මගේ සුදු නෝනේ වැනි ජනප්‍රිය චිත්‍රපට ගණනාවකම ඇය රංගනයෙන් දායක වෙලා තිබෙනවා.

ඒ වගේම සම්මානනීය රංගන ශිල්පිනියක් විදියට ඇය කලා ක්ශේෂ්ත්‍රයේ කා අතරත් ජනප්‍රිය චරිතයක් වනවා. නිතරම අම්මත් එක්ක ගමන් බිමන් යන අනූෂා විවිධ නර්තන අංග හරහා ප්‍රේක්ෂකයා අතර ඉතා ඉහල ජනප්‍රියත්වයක් ලබනවා. පසුගිය දා ඇය විවාහ දිවියට එලඹෙන්නේ වසර 14ක් ආදරය කල අමිල සමගයි.

අනූෂා සමග අත ගත් අමිල අනූෂා ගැන මේ විදියටයි මාධ්‍යට අදහස් දක්වලා තිබුණේ.

” අනූෂගේ වැරැද්දක් කියලා කියන්න දෙයක් නෑ. අපි දෙන්න ගොඩක් තේරුම් අරගෙන ඉන්න දෙන්නෙක්. ඒ නිසා තමයි අපි දෙන්නා අවුරුදු 14ක් මේ විදියට ආදරෙන් හිටියේ. ඒ නිසා මට එයාගෙ අඩුපාඩුවක් කියන්න නෑ. කෑ ගහලා හිනා වෙලා හිටියට එයාගේ හිත හරිම හොදයි. ඒක එයා ආශ්‍රය කරන හැමෝම දන්නවා. මෙයාට තියෙන එකම ලෙඩේ තමයි දේවල් අමතක වෙනවා. කොහෙ යන්න ගියත් වාහනේට නැගලා අමතක වුණා කියනවා.’’ (උපුටා ගැනීමක්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery