මම දේශපාලනයට එන්නෙ එක චරිතයක් නිසා අදටත් ඒ චරිතෙට මං ගෞරවනීයයි ඒ මහින්ද රාජපක්ෂ.. අනූෂා දමයන්ති කට අරී.. (PHOTOS)

Srilanka srilanka politics gossip
By Sithumi Apr 15, 2022 03:53 PM GMT
Report

අනුෂා දමයන්ති කියන්නේ ශ්‍රී ලංකාවෙ නර්තන ක්ෂේත්‍රය තුළ ඉන්න දක්ෂ නර්තන ශිල්පීන් අතර අග්‍රස්ථානයේ තියන්න පුළුවන් චරිතයක්.

ඒ වගේම තමයි ඇයව රංගන ක්ෂේත්‍රය තුළත් බොහෝ දෙනෙක්ගේ ආදරේ දිනා ගත්තු රංගන ශිල්පිනියක්. බොහෝ අවස්ථාවන් වල දී අනුෂා දමයන්ති කියන මේ චරිතය අපි දැක බලා ගන්නේ රිදී තිරය තුලින්. රංජන් රාමනායක ඇතුළු බොහෝ කලාකරුවන් පිරිසක් එක්ක ආදරණීය චරිත රැසක් ම නිරූපණය කරපු අනූෂා අහම්බෙන් තමයි කලා ලෝකෙට එන්නෙ. ඇය සඳහන් කරන ආකාරයට පුංචි කාලේ ඉඳන්ම අනූශාට ඕනේ වෙලා තියෙන්නේ නටන්න. 

 ඇගේ ආදරණීය අම්මා කිරි අම්මා ඇතුළු සියලුම දෙනාට කලා ලෝකය පසුබිම් වූ අපූරු නර්තන හැකියාවක් තිබ්බ නිසා අනූශාට පුංචි කාලේ ඉඳන්ම නර්තනය කියන්නෙ ඇඟේම තිබුණු දෙයක් කියලා ඇය සඳහන් කරනවා. ඒ වගේම අදටත් අනුෂා අනුගමනය කරන්නේ කාගෙවත් විලාසිතා නෙවෙයි ඇය ඇයටම ආවේනික වූ විලාසිතා තමයි නිර්මාණය කරගෙන තියෙන්නෙ.

ඒකට මූලිකම හේතුව ඇයට අවශ්‍ය වෙලා තියෙනවා කවුරුත් නොකරපු දෙයක් සමාජයට කරලා පෙන්නන්න. කෙසේ නමුත් මේ වන විට නම ගිය කලාකරුවන් අතර බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක් නිසා ඇය පිළිබඳව වැඩිපුර විමසනවත් වැඩියි. ඒකට මූලිකම හේතුව පසුගිය රජය බලයටගෙනඒම සඳහා සහ අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙනුත් ඇය බොහෝ අවස්ථාවන්වල දී දේශපාලන වේදිකාව තුළ පෙනී හිටපු චරිතයක් වූ නිසයි.

අද වන විට ආණ්ඩුව වෙනුවෙන් පෙනී හිටපු බොහෝ කලාකරුවන් සමාව අයදිමින් ජනතාවගේ පැත්තේ හිට ගද්දි අනුෂා දමයන්ති කියන මේ චරිතය දේශපාලනය පිළිබඳව එක්තරා යූටියුබ් නාලිකාවක සාකච්ඡාවක අතරතුරෙදි නිවේදකයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන්නේ පහත ආකාරයටයි.

” මම පාර්ලිමේන්තුවට යන්න කවදාවත් කැමැති වුණේ නැහැ. දේශපාලනය කියන්නේ මගේ සිනමාව වගේම මම අහම්බෙන් ආපු තැනක්. මම දේශපාලනයට එන්නේ එක්තරා චරිතයක් නිසා මම ඒක කෙලින් කියන්න ඕනේ. අදත් ඒ චරිතෙට මම ගෞරවනීයයි. ඒ මහින්ද රාජපක්ෂ කියන චරිතය.

මොකද මේ රටේ තිස් වසරක අඳුරු කාලයක් තිබුණ වෙලාවක මමත් සිනමාවට ඇවිල්ලා අවුරුදු හතරක් පහක් වගේ වෙලාවක ඒ ගැටලුව නිමාකරන්න චරිතයක් නැගී සිටිනවා එතකොට ඒ ප්‍රශ්නය නිසා මිනිස්සු බැට කාලා ඉන්න වෙලාවක ඒක නිමා කරනවා කියන එක හැමෝගෙම සතුට බවට පත්වුණා. ඒ වෙලාවේ මට තේරුන දේශපාලනය ඇතුළෙ මම ඒ පුද්ගලයාට කැමතියි.

මම හිතනවා ඒ පෞරුෂත්වය තුළින් මේ රට ගලවා ගනී කියලා අන්න එදා තමයි මම දේශපාලනයට එන්නේ. ඒ වගේම මම දැනගෙන හිටියේ නෑ වේදිකාවක් උඩ මට කතා කරන්න පුළුවන්ද කියලා වත්. මට ඒක අහම්බයක්. ඉතින් ඒ චරිතය වෙනුවෙන් මම නැගී හිටිනවා.”

මේ විදිහට තමයි මේ කලාකාරිනිය දේශපාලන ක්ෂේත්‍රය තුළ ඇගේ භූමිකාව පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ.කෙසේ නමුත් ඒ සියළුම අවස්ථාවන් වලදී ඇය පෙනී සිටියේ සහ ඇය නියෝජනය කළේ මහජනතාව කියලත් සඳහන් කළා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery