ලබන නොවැම්බර් 17 දින වන විට ලංකාවේ පත්වන නව ජනපති ගැන දැනුම්දීමක්.(VIDEO)
මේ වසරේ නොවැම්බර් මස 17 දින වන විට රටේ නව ජනාධිපතිවරයෙක් පත් වන බවත්, එසේ තේරීපත් වන නව ජනාධිපතිවරයා ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතා බවට මේ රටේ ජනතාව විශ්වාස කරන බව ජාතික ජන බලවේගයේ පා.ම අචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පවසනවා.
නාවලපිටිය මාවතුර නගරයේ පැවති බිදවැටුණු මව්බිම ගොඩනගන විසදුම යන මැයෙන් පැවැත් වු ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් සමග පැවති හමුවකදී, පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හරිනි අමරසුරිය මහත්මිය ඒ බව කියා සිටියේ ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හරිනි අමරසුරිය මහත්මිය කියා සිටියේ, රටේ බහුතර ජනතාවක් ජාතින ජන බලවේගය සමග එක්රැස් වි සිටින බවත්, එම ජනතාවගේ නොමග යැවීුම සදහා මේ වන විට රජය පාර්ශවයෙන් සහ විපක්ෂයෙන් විවිධ මත පල කරමින් සිටින බවයි.
ජාතික ජන බලවේගය කරා එක්රැස් වි සිටින රටේ ජනතාව රජයෙන් සහ විපක්ෂයෙන් සිදු කරන අවලාද පිලිනොගන්නා බවත්, දිනෙන් දින ජාතික ජන බලවේගයට රටේ බහුතර ජනතාවක් එක්වෙමින් සිටින ඇය වැඩිදුරටත් කියා සිටියේ.
මීට අදාල වීඩියෝව පහතින් නරඹන්න,
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%