පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල පැමිණ මාස 02න් මහ ආණ්ඩුව ගන්නා බව අනුර කියයි.

Anura Dissanayake
By Aruna Jan 05, 2023 07:26 AM GMT
Report

පළාත් පාලන ඡන්දය ප්‍රතිඵල පැමිණ මාස දෙකෙන් මහා ආණ්ඩුව හදන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජාතික බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසන බල මණ්ඩල සමුළුව අමතමිනි.

ජාතික ජනබලවේගයේ මේ සූදානම් වී සිටින්නේ ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා පමණක් නොව ආණ්ඩු බලය ගෙන රට හැදීමට බවද හෙතෙම පැවසීය.

මැතිවරණ කොමිසම නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකළහොත් සටන් කර හෝ ඡන්දය ලබා ගත යුතු බව ද හෙතෙම පවසයි.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පැමිණ මාස දෙක තුනක් ඇතුළත මහ ආණ්ඩුව හදන බවත් ඉන්පසු සියලු දෙනා මේ රට ගොඩ ගත යුතු බවත් හෙතෙම එහිදී කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now