"..අපිට ඕන ගෝඨා.." කියූ පා ගමනට තණකොළ ,පුන්නක්කු සමග ගල් ප්‍රහාර - හැමෝම හොයන ඡායාරූප පෙළ මෙන්න..(PHOTOS)

protest Anuradhapura Gotabhaya Rajapaksha GoHomeGota Sro Lanka WeWontGota
By Sewvandhi Apr 11, 2022 10:25 AM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂව අනුරාධපුර නගරයේ අද (11) සංවිධානය කරතිබු පා ගමනක් අතරතුරදි එම පාගමනට එක්වු පිරිසට ගල් පහරක් එල්ල කළ පුද්ගලයෙකු අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂව උද්ඝෝෂණයක් හා පා ගමනක් උතුරැ මැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා ඇතුළු පිරිසක් විසින් අනුරාධපුර නගරයේදි සංවිධානය කොට තිබුණි.

මෙම උද්ඝෝෂණය අනුරාධපුර නව නගරයේ බැංකු පෙදෙසේ පිහිටි පොදුජන පෙරමුණ දිස්ත්‍රික් පක්ෂ කාර්යාලය ඉදිරිපිටදි පැවැත්විමෙන් අනතුරැව ඔරලෝසු කණුව දෙසට යමින් සිටියදි ඒ ආසන්නයේ පිහිටි ඔසුසලක් ඉදිරියේදි පුද්ගලයෙකු විසින් එම පා ගමනට ගල් පහරක් එල්ල කොට තිබු අතර එම පුද්ගලයා එම අවස්ථාවේදිම පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදි.

ඒ අතර තුර මෙම පා ගමන ආසන්නයේ මහ මාර්ගයේ යම් කිසි පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් තණකොල සහ පුන්නක්කුද තබා තිබු අයුරැ දක්නට ලැබුණි. මෙම උද්ඝෝෂණයට හා පා ගමනට පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් ඇතුළු ප්‍රාදේශිය දේශපාලඥයන් පිරිසක් එක්ව සිටියහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGallery