රෝහලක හදිසියේම ගින්නක් - නේවාසික රෝගීන් ඉවත් කිරීමට පියවර..
Anuradhapura
Hospitals in Sri Lanka
Fire
By Sewvandhi
අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් මෙත්සිරි සෙවණ ගොඩනැගිලි පරිශ්‍රයේ ගින්නක් හටගෙන තිබේ.
අනුරාධපුර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් ගින්න මැඩපැවැත්වීම සඳහා යොදවා ඇත.
මෙම ගින්න ඇතිවීමත් සමග එම ගොඩනැගිලි පරිශ්‍රයේ සිටි නේවාසික රෝගීන් ඉන් ඉවත්කිරීමට පියවර ගෙන ඇත.
එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ වහළයේ තවදුරටත් ගින්න පවතින බවයි වාර්තා වන්නේ.