අටමස්ථානාධිපති ධුරයට අයදුම්පත් කැදවයි.

Anuradhapura Sri Lanka
By Sithumi Oct 21, 2022 01:17 PM GMT
Report

අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ එම ධුරයට නව අටමස්ථානාධිපති හිමි නමක් පත් කර ගත යුතුව තිබේ.

ඒ සඳහා අටමස්ථාන කාරක සභාව රැස්වී සුදුසුකම් සපුරා ඇති අටමස්ථානය නියෝජනය කරන විහාරාධිපති හිමි නමක් ඉදිරියේ තෝරාපත් කර ගැනීමට නියමිත බව වැඩබලන අටමස්ථානාධිපති රුවන්වැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ පැවසූහ.

සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව දිනක අටමස්ථාන කාරක සභා රැස්වී එම පුරප්පාඩුව සම්ප්‍රදායිකව පුරවනු ඇති බවද උන්වහන්සේ කියා සිටිති.

පුරප්පාඩුව සඳහා අටමස්ථානයේ විහාරාධිකාරී ධූරය දරන සුදුසුකම් සපුරා ඇති හිමිවරුනට සිය අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙන බවද පැවසූ උන්වහන්සේ ඉදිරිපත්කරන අයදුම්පත් අටමස්ථාන කාරක සභාව විසින් පරීක්ෂාකොට සුදුසු හිමිනමක් තෝරා පත් කර ගනු ලැබීම සම්ප්‍රදාය බවත් තවදුරටත් පැවසූහ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now