'අපේ තිදෙනාම විශ්වාශභංගයට අත උත්සනවා‘ ප්‍රභලයෙක් කියයි..

By Sithumi Apr 26, 2022 12:05 PM GMT
Report

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහය දීමට තම මන්ත්‍රී කණ්ඩායම සුදානම් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් තිදෙනාම එයට සහය දීම ස්ථිර බව ද එහෙත් අනෙකුත් පක්ෂවල නියෝජිතයන් ගැන තමන්ට සහතික විය නොහැකි බවද කීය.

විශ්වාස භංගයට පක්ෂව ලැබෙන ඡන්ද ප්‍රමාණය ගැන ස්ථිර අදහසක් පැවසිය නොහැකි බවද ඔහු පැවසීය. මුදල්වලට තනතුර වරදාන වරප්‍රසාදවලට පිල් මාරුකරන ස්ථාවරයන් වෙනස් කරන මහජන නියෝජිතයන් ගැන සහතික වීම මෝඩකමක් යැයිද ඔහු පැවසීය.

එහෙත් මේ පාලකයන් ගෙදර යැවිය යුතුය යන ස්ථාවරයේ තම පක්ෂය සිටින නිසා තමන්ගේ කණ්ඩායම එයට සහය දිමට තීරණ්‍ය කළ බවද එය ස්ථිරවම සිදුවන බවද ඔහු පැවසීය. විශ්වාසභංගයෙන් ආණ්ඩුව පරාජය කළද එය විසුරුවා හැරිමේ බලය තිබෙන්නේ ජනාධිපතිට බැවින්

ඔහු ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද නිශ්චිත බවක් නැති බවද ඔහු බලයේ සිටියදි පිහිටුවන සර්වපාක්ෂික හෝ සභාග හෝ අන්තර්කාලීන හෝ කුමන ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවද එය තවත් මිරිගුවක් පමණක් බවද දිසානායක මහතා පැවසීය. පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි විශ්වාසභංගයට මන්ත්‍රීවරු එකසිය විස්සක් සහය දෙන බව සත්‍යයක් දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු මන්ත්‍රීවරයා මේ බව කීය.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now