සර්ව පාක්ෂික සමුළුවට ජාතික ජනබලවේගය නැහැ..! මොකක්ද මේ කතාව..?(VIDEO)
JVP
politics
Vasudeva nanayakkara
Anura Kumara Disanayake
Jathika Janabala Vegaya
By Sewvandhi
මේ මස 23 වැනිදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට ජාතික ජනබලවේගය තීරණය කර ඇති බව, එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ද ලබන 23 වනදා පැවැත්වෙන මේ සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට තීරණය කර ඇති බව ඊයේ දැනුම් දුන්නා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ ඉල්ලීමක් අනුව, මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවනු ලබන්නේ ජනාධිපතිවරයා විසින්.
(වීඩියෝ අයිතිය - හිරු නිවුස්)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |