හමාස් ප්‍රහාරය අතරතුර අතුරුදන්ව සිටි මෙරට කාන්තාව මියගොස් ඇති බව තහවුරු වෙයි ..

Sri Lanka Israel Palestine
By Sithumi Oct 17, 2023 11:39 AM GMT
Sithumi

Sithumi

in එතෙර
Report

පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව අතුරුදහන් වී සිටි කාන්තාව මිය ගොස් ඇති බව එරට තානාපති නිමල් බණ්ඩාර මහතා තහවුරු කරනවා

මෙලෙස මිය ගොස් ඇත්තේ කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අනුලා රත්නායක (ජයතිලක) නැමති කාන්තාවයි.

අදාළ ප්‍රහාරය අතරතුර ඇය ජිවිතක්ෂයට පත්වූ බව ඊශ්‍රායිල් පොලිසියශ අද (17) තහවුරු කර තිබෙනවා.

අදාළ දේහය දින දෙකක් තුළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබාදීමට නියමිත බවයි වැඩිදුරටත් තානාපය්හි කාර්යාලය පවසන්නේ.

කෙසේවෙතත් ඇය ජීවතුන් අතර සිටින බවට පලවන වීඩියෝවක්ද මේ වන විට සංසරණය වී ඇති බවට පුවතක්ද අද පෙරවරුවේ පුවත් පත් වල පල වී තිබුණා.